ප‍්‍රීමා කනිෂ්ට ක‍්‍රිකට් ශූරයෝ පළාත් මට්ටමින් හැප්පෙති

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සහ ප‍්‍රීමා සමාගම එක්ව සංවිධානය කරනු ලබන 12 වැනි ප‍්‍රීමා කුසලාන වයස අවුරුදු 15 න් පහළ පළාත් ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලබන 09 වැනිදා කොළඹ ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
දිවයිනේ සිටින දක්ෂතම කනිෂ්ට කි‍්‍රකට් ක‍්‍රීඩකයන් 600 දෙනකු අදාළ තරගාවලිය දිස්ත‍්‍රික් මට්ටමින් නියෝජන කළ අතර අනතුරුව දිස්ත‍්‍රික් ශූරයන්ගෙන් සමන්විත පළාත් තරගාවලිය දැන් ක‍්‍රියාත්මක වෙමින් තිබේ. පළාත් තරගාවලිය වෙනුවෙන් යාපනය, මන්නාරම, වවුනියාව, මුලතිව් සහ කිලිනොච්චි ප‍්‍රදේශ නියෝජනය කරමින් උතුරු පළාත් කණ්ඩායම් පහක්ද තරග වදිනු ලබයි.
තරගාවලිය සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේදී අදහස් දැක්වූ ප‍්‍රීමා සමුහයට අයත් සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ටී‍්‍රස් පුද්ගලික සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න මහතා, ශ‍්‍රී ලංකාවේ කනිෂ්ට ක‍්‍රිකට් ක‍්‍රීඩාවට උදව් කිරීමේ අපේ වගකීමක් කොට සලකමින් 12 වැනි වරටත් අපි අනුග‍්‍රහය දක්වනවා. මේ තරගාවලියේදී දිවයිනේ සිටින දක්ෂතම පුහුණුකරුවන් යටතේ කනිෂ්ට ක‍්‍රීඩකයන්ට පුහුණුවීම් කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඒ වගේම අපි සියලූම ක‍්‍රීඩකයන්ට අවශ්‍ය පෝෂණීය දායක්තවය මෙන්ම ඇඳුම් පැළඳුම්ද ලබාදෙනවා.’ යනුවෙන් පැවසීය.
තරගාවලියේ අනුග‍්‍රහක චෙක්පත හුවමාරු වූ අවස්ථාව ඡුායාරූපයේ දැක්වෙන අතර ඒ සඳහා සහභාගි වූ පාසල් ක‍්‍රිකට් සංගමයේ සභාපති ඕෂාර පණ්ඩිතරත්න, සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ටී‍්‍රස් සමාගමේ සාමාන්‍යාධිකාරී ෂුන් ටින් ෂින්ග්, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තරග කමිටු සභාපති බන්දුල දිසානායක, ප‍්‍රීමා සමුහේ ටැන් බෙන්ග් චුආන් සහ සිලෝන් ඇග්ග්‍රෝ ඉන්ඩස්ටී‍්‍රස් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න යන මහත්වරුද ඡුායාරූපයේ වෙති.