මාලිංගට විස්සයි විස්සේ ඔටුන්න අහිමිවෙයි…?

ලබන පෙබරවාරි මසදී බටහිර ඉන්දීය කොදෙව්වන් සමගින් පැවත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට හිමි වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
මෙතෙක් කලක් ශ්‍රී ලංකා කණ්ඩායමේ විස්සයි විස්ස නායකතවය දැරූ ලසිත් මාලිංග සංචිතයෙන් ඉවත්කොට ඇති අතර ඔහුගේ නායකත්වය දසුන් ශානකට පැවරීමට මේ වන විට තීරණය කර ඇති බවට මේ වනවිටත් ඉඟි පළවෙමින් තිබේ. ලසිත් මාලිංග වසරකින් කිසිදු පුහුණු සැසියකට හෝ කිසිදු තරගයකටය සහභාගි වී නොමැති අතර අයි.පී.එල්. තරගාවලියේ මුම්බායි කණ්ඩායමේ ස්ථීර සාමාජිකයෙකු ලෙස සිටි මාලිංගව එම කණ්ඩායමෙන්ද මේ වන විට ඉවත්කර තිබේ.
දසුන් ශානක විස්සයි විස්ස තරග සඳහා නම්දරා ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරින් ඉහළින්ම සිටින ක්‍රීඩකයෙක් වේ. ඔහු 2019 වසරේ අගභාගයේදී පාකිස්තානය සමග පැවැති විස්සයි විස්ස තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරමින් තරගාවලිය 3-0කින් ජය ගැනීමට සමත් විය. එවකට පාකිස්තාන කණ්ඩායම විස්සයි විස්ස ශ්‍රේණිගත කිරිම්හී අංක එකේ සිටියදී ශ්‍රේණිගත කිරීම්හි අටවැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකා කණ්ඩායම පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට සමත්වීම මත දසුන් ශානකගේ නායකත්වය සම්බන්ධයෙන් වැඩි අවධානයට ලක්විය.
මීටපෙර විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය දැරූ තිසර පෙරේරාගේ නමද කණ්ඩායමේ නායකත්වය සම්බන්ධයෙන් යෝජනාවී තිබුණද ඔහුගේ නායකත්වය පිළිබඳ බොහෝ දෙනකුගේ අප්‍රසාදය පළවෙමින් තිබෙන බවට කේෂ්ත්‍රයේ කතාබහට ලක්වී තිබේ. ඒ අනුව එළැඹෙන කොදෙව් සංචාරයේදී ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමි වීමේ වැඩි අවස්තාවක් මේ වනවිටත් නිර්මාණය වී තිබේ.