ශ‍්‍රී ලංකාවේ මතීෂ අක්තාර්ට වඩා වේගයෙන් පන්දු යැව්වාද?

දකුණු අප‍්‍රිකාවේ පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී ශ‍්‍රී ලංකාවේ 17 හැවිරිදි මතීෂ පතිරණ පැයකට කි.මී. 175 ක වේගයකින් පන්දුවක් යවා තිබේ. ඉන්දියාව සමග පැවැති තරගයේ සිව්වැනි පන්දුව ඔහු පැ.කි.මී. 175 ක වේගයෙන් යැවු බවට සටහන් විය.
කෙසේ වෙතත් ලොව වේගවත්ම පන්දු යවා ඇත්තේ පාකිස්තාන් හිටපු වේග පන්දු යවන්නකු වන ෂොයිබ් අක්තාර් වන අතර ඔහු 2003 වසරේදී පැයට කි.මී. 161.3 ක වේගයෙන් පන්දුවක් යවා තිබේ. එහි දෙවැනි සහ තෙවැනි තැන ෂෝන් ටෙයිට් සහ බ්‍රෙට් ලී පසුවන අතර ඔවුන් දෙදෙනාම පැයකට කි.මී. 161.1 ක වේගයකින් පන්දු යවා තිබේ.
මතීෂ පතිරණ මීට පෙර එවැනි වේගයකින් පන්දු යවා නොමැති අතර එය වේග මාපකයේ දෝෂයක්දැයි බොහෝ දෙනාගේ ප‍්‍රශ්නයට තුඩු දී තිබේ. කෙසේ වෙතත් මතී පතිරණ පැයට කි.මී. 140 කට වඩා වේගයෙන් පන්දු යවන බව ශ‍්‍රී ලංකා පුහුණුකරුවන් පවසයි.
මතීෂ පතිරණ මහනුවර ත‍්‍රිත්ව විදුහල නියෝජනය කරන ක‍්‍රීඩකයකු වන අතර ඔහු ලසිත් මාලිංගගේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යවනු ලබයි.