ක්‍රිකට් ලොව හොල්ලමින් තරුවක් සමලිංගික විවාහයකට සැරසෙයි

වර්තමාන ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩිකා මේගන් ශට් ඇයගේ දීර්ඝ කාලීන ආදරවන්තිය වන ජෙස් හොලිඔක් හැකි ඉක්මණින් විවාහ කර ගන්නා බව තම ට්විටර් ගිණුමේ සදහන් කර තිබේ.
ඕස්ට්‍රේලියානු රජය මගින් පසුගියදා සමලිංගික විවාහයන් එරට තුළ නීතිගත කිරීමත් සමගින් ඇය මෙම සටහන තබා ඇති අතර එහිදී වැඩි දුරටත් අදහස් දක්වා ඇති ඇය පවසන්නේ ඇයගේ ආරවන්තිය ඉතා ගුණ යහපත් කාන්තාවක් බවත් ඇය සමග දිවි ගෙවීමට ලැබීම ඇය ලද භාග්‍යයක් බවත්ය. තවද මේ වන විට ඔවුන් දෙදෙනාගේ විවාහයට තිබූ බාධාවන් සියල්ල දුරු වී ඇති බව පවසන මෝගන් ඇයගේ පෙම්වතිය විවාහ කර ගන්නා තුරු ඉවසිල්ලක් නැති බවද සදහන් කර තිබේ.
2012 වසරේදී ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වරම් දිනා ගත් මේගන් මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 43කටත්, විස්සයි -20 තරග 27කටත් සහ ටෙස්ට් තරග 3කටත් සහභාගි වී ඇත.