ශ්‍රී ලංකාවේ රේසිං අද්දැකීමක් බණ්ඩාරගමදී

ශ්‍රී ලංකාවේදී ප්‍රථම වරට පැවැත්වෙන ජාත්‍යන්තර ගෝ කාට් තරගාවලිය එළැඹෙන ජනවාරි මස 13 සහ 14 යන දෙදින තුළ බණ්ඩාරගම පිහිටි ශ්‍රී ලංකා කාර්ටින් සර්කීට් හිදී පැවැත්වීමට සංවිධායකයෝ කටුයුතු යොදා තිඛෙන අතර අදාළ තරගාවලියක් අග්නිදිග ආසියාවෙන් පිටතදී පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක් බවට පත්විය.

එළැඹෙන ජනවාරි මස පැවැත්වීමට යෙදී තිඛෙන ආරාධිත තරගය 2018 ආසියානු කලාපයේ ගෝ කාට් තරගවල ආරම්භය සනිටුවහන් කරන අතර සිංගපූරුව මැලේසියාව යන රටවලදී වසර පුරා පැවැත්වෙන වට 6 කින් යුත් ශූරතා ධාවන තරග සදහා ආරම්භයක් සපයනු ඇත. මෙම තරගාවලිය සදහා ජාත්‍යන්තර තරග පන්තිය තුළ ආසියාව සහ යුරෝපය නියෝජනය කරමින් ක්ෂේත්‍රයේ ධාවන ශූරයෝ තරග වදිති.