ශ‍්‍රී ලංකාවට එරෙහිව මොහොමඞ් හසනන් ‘හැට්ටි‍්‍රක්’ ලෝක වාර්තාවක් තබයි

LEEDS, ENGLAND - MAY 19: Mohammad Hasnain of Pakistan celebrates dismissing Joe Root of England during the 5th One Day International between England and Pakistan at Headingley on May 19, 2019 in Leeds, England. (Photo by Gareth Copley/Getty Images)

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ලාහෝර් ගඩාෆි ක‍්‍රීඩාංගණයේ පැවැති පළමු විස්සයි විස්ස තරගයේදී ලොව අඩුම වයසකින් කඩුලූ ති‍්‍රත්වයක් වාර්තා කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට පාකිස්තාන් වේග පන්දු යවන මොහොමඞ් හසනන් සමත් විය.
වයස අවුරුදු 19 දී ඔහු මෙම දක්ෂතාව දැක්වීමට සමත් විය. මොහොමඞ් හසනන් විසින් පිළිවෙලින් භානුක රාජපක්ෂ, දසුන් ශානක සහ ෂෙහාන් ජයසූරිය දවා ගනිමින් අදාළ ලෝක වාර්තාව පිහිටුවීමට සමත් විය. ඔහු මෙම තරගයේදී පන්දුවාර හතරක් යවමින් ලකුණු 37 කට කඩුලූ තුනක් දවා ගත්තේය. පැයකට කි.මී. 150 ක වේගයෙන් පන්දු යවන මොහොමඞ් හසනන් මීට පෙර ක‍්‍රීඩා කර තිබුණේ එක් විස්සයි විස්ස තරගයක් පමණි. ඔහු එහිදී කඩුලූ දවා නොගත් අතර ඔහුගේ කඩුලූ ඇරඹුම කඩුලූ ත‍්‍රිත්වයකින්ම පටන් ගැනීමද තවත් ලෝක වාර්තාවකි.