අංක එකේ සිටි පාකිස්තානයට දසුන් ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකාවෙන් විශිෂ්ඨ ප‍්‍රහාරයක්

හය වසරකට පසුව පාකිස්තානය පරාජය කළ තරගයේ වීරයා ධනුෂ්ක ගුණතිලක
ලොව අංක එකේ විස්සයි විස්ස කණ්ඩායම වශයෙන් ශ්‍රේණිගතව සිටින පාකිස්තානයට එරෙහිව විශිෂ්ඨ ක‍්‍රීඩා විලාශයක නියැලූන දසුන් ශානක ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා පිල ලාහෝර් ගඩාෆි ක‍්‍රීඩාංගණයේදී සත්කාරකයන්ව ලකුණු 64 ක පරාජයට ඇද දැමුවේය.
වාර්තා රැුසක් පිහිටවු ශ‍්‍රී ලංකා පාකිස්තානය සමග අවසන් වරට සහභාගි වූ එක්දින, ටෙස්ට් සහ විස්සයි විස්ස ඇතුළු සමස්ත තරග 14 කට පසුව පාකිස්තානය පරාජය කිරීමද විශේෂත්වය වේ. එමෙන්ම ශ‍්‍රී ලංකාව විස්සයි විස්ස තරගයකදී පාකිස්තානයට ලද ඉහළම ජයග‍්‍රහණය වශයෙන්ද මෙය සටහන්වේ.
දෙරට අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගත් ශ‍්‍රී ලංකාව වසර හයකට පසුව පාකිස්තානයට එරෙහිව විස්සයි විස්ස තරගයක් ජය ගැනීමද විශේෂත්වයකි. අවසන් වරට ශ‍්‍රී ලංකාව විසින් පාකිස්තානය පරාජය කරන ලද්දේ 2013 දී දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා කණ්ඩායමයි. ඒ අබුඩාබි හී දී පැවැති තරගයකදීය. මෙම ජය පාකිස්තානයේදී ශ‍්‍රී ලංකාව ලද පළමු විස්සයි විස්ස ජයද වේ.
කෙසේ වෙතත් 2013 වසරෙන් පසුව දෙරට මුණ ගැසුව අවස්ථා හයකදීම පාකිස්තානය ජය ගත් අතර ශී‍්‍ර ලංකාව අදාළ ජයත් සමග සොයා යනු ලබන්නේ පළමු වරට විස්සයි විස්ස තරගාවලියකදී පාකිස්තානය පළමු වරට පරාජය කර දැමීමටයි.
ශ‍්‍රී ලංකාවේ ජයග‍්‍රහණය වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නියැළුන ධනුෂ්ක ගුණතිලක පන්දු 38 කදී හතරේ පහර අටක් සහ හයේ පහරක් සමග ලකුණු 57 ක් ලබා ගත්තේය. එය ඔහුගේ දෙවැනි විස්සයි විස්ස අර්ධ ශතකය වූ අතර මීට පෙරද 2017 වසරේදී පාකිස්තානයට එරෙහිව විස්සයි විස්ස තරගයේදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට ගුණතිලක සමත් විය. ගුණතිලක සහ අවිශ්ක ප‍්‍රනාන්දු පන්දු 58 කදී ලකුණු 84 ක සබඳතාවක් පළමු කඩුල්ලට පිහිටුවමින් පාකිස්තාන් පිල අමාරුවේ දැමීමට සමත් විය. එහිදී අවිශ්ක ප‍්‍රනාන්දු පන්දු 34 කදී හතරේ පහර තුනක් සමග ලකුණු 33 ක් ලබා සිටියදී දුවද්දී දැවී ගියේය.
පළමු වරට විස්සයි විස්ස තරග වරම් ලැබු භානුක රාජපක්ෂ අංක තුන පිතිකරුවා වශයෙන් පැමිණ පන්දු 22 කදී හයේ සහ හතරේ පහර දෙක බැගින් එල්ල කරමින් වේගවත් ලකුණු 32 ක් ලබා ගත්තේය. නායක දසුන් ශානක පන්දු දහයකදී හයේ පහර දෙකක් සමග ලකුණු 17 ක් ලබා ගනිමින් ශ‍්‍රී ලංකා ඉනිම නියමිත පන්දුවාර විස්ස අවසන් වන විට කඩුලූ පහකට ලකුණු 165 දක්වා ඔසවා තැබීය.
ලකුණු තත්ත්වය
ශ‍්‍රී ලංකාව පන්දුවාර 20 කදී කඩුලූ 5 ට ලකුණු 165 යි. (ධනුෂ්ක ගුණතිලක 57, අවිශ්ක ප‍්‍රනාන්දු 33, භානුක රාජපක්ෂ 32, දසුන් ශානක 17, ෂෙහාන් ජයසූරිය 02, ඉසුරු උදාන 05, වනිසු හසරංග 07, මොහොඞ් හසනන් 37/3, සහදබ් ඛාන් 35/1 යි.*
පාකිස්තානය පන්දුවාර 17.4 කදී සියලූ දෙනා දැවී ලකුණු 101 යි.(බාබර් අසාම් 13, අහමඞ් ෂෙශාඞ් 04, උමාර් අක්මාල් 00, සර්ෆාස් අහමඞ් 24, ඉෆ්තිකාර් අහමඞ් 25, අෂීෆ් අලී 06, ඉමාඞ් වසීම් 07, ෆාහිම් අස්රාෆ් 08, සහදබ් ඛාන් 06, මොහොමඞ් අමීර් 01, මොහොමඞ් හසනන් නොදැවී 00, නුවන් ප‍්‍රදීප් 21/3, ඉසුරු උදාන 11 /3, වනිඳු හසරංග 20/2 යි.*