LPL සටනේ පිල් සල්ට්, චන්දිමාල් සහ දසුන් පෙරමුණට


එල්පීඑල් තරගාවලියේ මුලික වටය යටතේ මෙතෙක් පැවැති තරග අනූව පිතිකරුවන් අතරින් පෙරමුණ ගැනීමට පිල් ෂල්ට්, දිනේෂ් චන්දිමාල් සහ දසුන් ශානක සමත්ව තිබේ.
දඹුල්ල කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වන පිල් සල්ට් තරග පහකදී අර්ධ ශතක දෙකක් සමග මුළු ලකුණු 180 ක් ලබා ඇත්තේ ඉනිමක සාමාන්‍ය 36 ක් වශයෙන් සටහන් කරමිනි. ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 174 කි. එම ලැයිස්තුවේ දෙවැනි තැනට කොළඹ කණ්ඩායම නියෝජනය කරන දිනේෂ් චන්දිමාල් පත්ව ඇති අතර චන්දිමාල් තරග හතරකදී එක් අර්ධ ශතකයක් සමග මුළු ලකුණු 145 ක් ලබා තිබේ. ඔහුගේ ඉනිමක සාමාන්‍ය 72.50 ක් වැනි ඉහළ අගයක් සටහන් වන අතර ප්‍රහාරාත්මක වේගය 140.77 කි.
දඹුල්ල කණ්ඩායමේ නායක දසුන් ශානක පිතිකරුවන් අතර තෙවැනි තැනට පත්ව ඇති අතර ඔහු තරග පහකදී මුළු ලකුණු 128 ක් ලබා තිබේ. ශානකගේ ප්‍රහාරාත්මක වේගය 119.62 කි. යාපනය කණ්ඩායමේ නායක තිසර පෙරේරා තරග හතරකදී අර්ධ ශතක දෙකක් සමග මුළු ලකුණු 121 ක් ලබා සිව්වැනි තැනට පත්ව තිබේ. ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 216 කි. ඉනිමක සාමාන්‍ය 60.50 කි.