රෆායෙල් නඩාල් ගේ සිහිනය පණ නගද්දී ඇෂ්ලි බර්ටි ගේ සිහිනය මියෙදෙයි. -(වීඩියෝ සහිතයි)

ඔස්ට්‍රේලියානු විවෘත ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවලියේ වැඩි බලාපොරොත්තු තබා සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ බලාපොරොත්තු සුනු විසුනු වී යද්දී පිරිමි ටෙනිස් ශේණිගතකිරීම් වල දෙවන ස්ථානයේ පසුවන ස්පාඤ්ඤයේ රෆායෙල් නඩාල් පමණක් දක්ෂතාවත් වාසනාවත් රැගෙන ටෙනිස් ශූරතාව සඳහා සෙමින් සෙමින් සමීප වන අයුරු ඊයේ (22) දැක ගන්නට හැකිවූවා.

රාෆායෙල් නඩාල් ඊයේ මෙල්බන් නුවර රොඩ් ලීවර් පිටියේදී අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලබා ගත්තේ ඇමරිකාවේ යොවුන් ක්‍රීඩක ෆැන්සස් ටියාෆොයි ලකුණු 6-3 ක් , 6-4 ක් සහ 6-2 ක් ලෙස පරාජයට පත් කරමිනි.
නඩාල්ට ෆ්‍රැන්සස් ටියාෆොයි ව පරාජයට පත් කිරීමට ගත වූයේ පැයකුත් විනාඩි 47 කි. අන්තර්ජාතික ටෙනිස් ශේණිගතකිරීම් වල නඩාල් පසුවන්නේ දෙවන ස්ථානයේයි. ඔහු මීලඟ අවසන් පූර්ව වටයේදී ග්‍රීසීයේ ස්ටෙෆානෝස් සිට්සිපාස් සමඟ තරඟ වැදීමට නියමිතය.
මේ අතර කාගේත් අවදානයට ලක් වූ 22 හැවරදි ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකා ඈෂ්ලි බර්ටි ට විම්බල්ඩන් ශූරතාවය ගැන තිබූ සිහිනය අත් හැර දැමීමට සිදුවිය. ඇය අවසන් අට දෙනාගේ කණ්ඩායමට පැමිණියේ ලෝක ටෙනිස් පිටියේ ප්‍රභලතම ක්‍රීඩිකාවක් වන රුසියාවේ මාරියා ෂරපෝවා ව පරාජයට පත් කරමින් වීම විශේෂත්වයකි.
ඇෂ්ලි බර්ටි පරාජයට පත් වූවේ චෙක් රාජ්‍යයේ පෙට්රා ක්විටෝවා අතිනි. ඇය 2016 වසරේදී සිය නිවස තුලදීම පිහි ඇණුමකට මුහුණ පෑවෑය. ඉන් පසුව පළමු වතාවට ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවලියක අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලැබීමද විශේෂත්වයකි. ක්විටෝවා ඈෂ්ලි බර්ටි ව පරාජයට පත් කලේ 6-1 ක් සහ 6-4 ක් වශයෙනි.
පෙට්රා ක්විටෝවා

ඈෂ්ලි බර්ටි

තරඟයේ විශේෂ අවස්ථා.👇

සටහන : නුවන් ජයතිස්ස