ශ්‍රී ලංකාව උනන්දු කරන ප්‍රේක‍ෂකයාට රෝහිත් ෂර්මාගෙන් අගය කළ යුතු උපකාරයක්

ලෝකයේ බොහෝ රටවල ක්‍රිකට් තරග පැවැත්වෙන විට ඒ ඒ රටවලට ආවේනික ප්‍රේක‍ෂකයන් රූපවාහිනී තිරයේ නිතරම දැක බලා ගැනීමට හැකි වේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ සිටද මෙම ක්‍රිකට් උනන්දුවන්ව නිතරම දැක ගැනීමට හැකිවිය.
ශ්‍රී ලංකා කණ්ඩායම දිරි ගැන්වීම සඳහා ගයාන් සේනානායක සෑම තරගාවලියකටම සහභාගි වේ. ඔහු සමග බොහෝ තරගාවලිවලට යන නීලම්ද තවත් දිරිගන්වන්නෙකි. ඉන්දියානු තරගාවලියට සිංහ කොඩි වනන්නට ගිය නීලම්ට ආපසු ගෙදර පැමිණීමට සිදුව තිබේ. ඒ ඔහුගේ පියා අසනීප තත්ත්වයෙන් සිටින බැවිනි. නමුත් ස්ථීර රැකියාවක් නොමැති කමින් මුදල් අහේනියක නිසා නීලම්ට රු.20000 ක් ගෙවා යළිත් කොළඹට ඒමට ගුවන් ප්‍රවේශපත්‍රයක් ගැනීමට මුදල් ලග නොතිබුණි. ඊට හේතුව ඔහුගේ රිටන් ටිකට් එක තිබුණේ දෙසැම්බර් 26 වැනිදා බැවිනි.
අදාළ ප්‍රශ්නය රෝහිත් ෂර්මාට ගෙන ගියේ ඉන්දියානු ක්‍රිකට් දිරිගන්වන්නා වන ගෞතම්ය. සැණෙකින් ක්‍රියාත්මක වූ රෝහිත් ෂර්මා අවශ්‍ය රු.20000 ක මුදල දී ඇති අතර ඔහුගේ පියාට අවශ්‍ය ප්‍රතිකාර කිරීමට මුදල් ලබාදීමට ඉදිරිපත්ව තිබේ. ඉන්දියානු ක්‍රිකට් නායක විරාට් කෝලිද ඔහුට උපකාර කිරීමට ඉදිරිපත් වුවද නීලම් එම උපකාර ප්‍රතික්ෂේප කරමින් ගුවන් ප්‍රවේශපත්‍රය සඳහා දුන් මුදල රැගෙන ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් ඉදිරිපත් නොවූ මේ සද්කාර්යට ඉන්දියානු ක්‍රීඩකයන් ඉදිරිපත්වීම අගය කළ යුත්තකි.

නීලම් (වමේ) ගයාන් (මැද) ගෞතම් (දකුණේ)