ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු ශුරතාව

ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු ශුරතාවයේ ඉකුත් සති අන්තයේ පැවැති තරගවලදී බ්ලුස්ටාර්, ක්‍රිස්ටල් පැලස්, රිනවුන්, බ්ලුස්ටාර්, අප්කන්ටි්‍ර ලයන්ස් සහ යුද හමුදාව ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූහ. අදාළ තරවලදී යුද හමුදාව සහ ක්‍රිස්ටල් පැලස් පහසු ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.
තරග ප්‍රතිඵල
ක්‍රිස්ටල් පහසුවෙන්ම මොරගස්මුල්ලට පහර දෙයි
ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම විසින් ගෝල 5-2 ක් වශයෙන් මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය පරදා පහසු ජයක් ලැබීමට සමත් විය. ක්‍රිස්ටල් පැලස් පිලේ ජයග්‍රහණය වෙනුවෙන් එම්.පී.එම්.හුස්මන් ගෝල ද්විත්වයක්ද ඉසාක් අබා ගෝල ද්විත්වයක්ද වාර්තා කළ අතර එම්.එච්.එම්.ෂමිල් එක් ගෝලයක් වාර්තා කරන ලදී. මොරගස්මුල්ල පිල වෙනුවෙන් ඩී.ඒ.ඒ.සුරේෂ් සහ කේ.ජී.මධුෂංක ගෝල වාර්තා කිරීමට සමත් විය.

රිනවුන් 3-2 කින් සොලීඩ් පරදවයි
රිනවුන් කණ්ඩායම සහ සොලීඩ් කණ්ඩායම අතර පැවැති තරගය තියුණු මුහුණුවරක් ගත් අතර අනතුරුව ගෝල 3-2 ක ජයක් රිනවුන්ට හිමිවිය. රිනවුන් පිල වෙනුවෙන් එම්.සී.එම්.රිනාස් ගෝල ද්විත්වයක්ද ජොබ් මිචෙල් ගෝලයක්ද වාර්තා කළ අතර සොලීඩ් පිල වෙනුවෙන් ආර්.අමලදාස් සහ එස්.ජුඩ්සුබන් ගෝල ලබා ගන්නා ලදී.

මාතර සහ සුපර් සන් සම වෙයි
මාතර සහ සුපර් සන් අතර මාතරදී පැවැති තරගය දෙපිලම ගෝල 1-1 ක් ලෙස සම තත්ත්වයේ අවසන් විය. එහිදී මාතර කණ්ඩායම වෙනුවෙන් බී.ප්‍රින්ස් ගෝලයක් වාර්තා කළ අතර සුපර් සන් කණ්ඩායම වෙනුවෙන් ඊ.බී.චානා ගෝලයක් වාර්තා කරන ලදී.

බ්ලුස්ටාර් නැවියන් පරදයි
කළුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ පැවැති තරගයකදී බ්ලුස්ටාර් පිලේ ජී.එච්.රොජර් ලබා ගත් ගෝලය හේතුවෙන් 1-0 ක ජයක් ලැබීමට බ්ලුස්ටාර් පිල සමත් විය.

අප්කන්ටි ලයන්ස් පොලිසියට පහර දෙයි
පොලිසිය ගෝල 3-2 කින් පරාජය කිරීමට අප්කන්ටි්‍ර ලයන්ස් කණ්ඩායම සමත් විය. අප්කන්ටි ලයන්ස් පිල වෙනුවෙන් ඒ.එම්මා ගෝල ත්‍රිත්වයක් වාර්තා කළ අතර පොලිසිය වෙනුවෙන් එච්.බී.එන්.චාරක සහ ආර්.පී.එස්.එන්.පතිරණ ගෝල වාර්තා කරන ලදී.

ගුවන් හමුදාව යුද හමුදාවට පරදියි
ගුවන් හමුදාව සහ යුද හමුදාව අතර පැවැති තරගයෙන් ගෝල 5-1 ක පහසු ජයක් ලැබීමට යුද හමුදාව සමත් විය. යුද හමුදාව වෙනුවෙන් සජිත් කුමාර ගෝල ද්විත්යක්ද කසුන් ප්‍රදීප් ගෝලයක් සහ එම්.එන්.එම්. ඉසදීන් ගෝල ද්විත්යක් වශයෙන් වාර්තා කරන ලදී. ගුවන් හමුදාව වෙනුවෙන් නුවන් වෙල්ගම ගෝලයක් ලබා ගත්තේය.