කොළඹ දිස්ත්‍රික් අයෝමය ශුරතාව අසංකට

දෙහිවල එස්.ද.එස්. ජයසිංහ ශාලාවේ පැවැති කොළඹ දිස්ත්‍රික් අයෝමය පුරුෂයා තේරීමේ තරගයේ ජයග්‍රහණය අසංක නන්දන විසින් දිනා ගන්නා ලදී.
කි.ග්‍රෑ.85 බර පංතියෙන් තරග වදිමින් අදාළ ජයග්‍රහණය වාර්තා කිරීමට අසංක සමත් විය. ඔහුට හිමි කුසලාන හිටපු අමාත්‍යවරයකු වූ ජීවන් කුමාරතුංග මහතා අතින් ලබා ගත් අයුරු සහ එම අවස්ථාවට සහභාගී වූ ශ්‍රී ලංකා කායවර්ධන සංගමයේ සභාපති කිත්සිරි ප්‍රනාන්දු, කායවර්ධන සංගමයේ ලේකම් නිහාල් වීරතුංග සහ තරුණ සේවා සභාවේ සභාපති යන මහත්වරුද ඡායාරූපයේ වෙති.