ධාවන පථයේ “කඟවේනා” ක්‍රීඩාවට සමු දෙයි. – video

32 හැවරදි ජැමෙයිකනු සුපිරි කෙටි දුර දාවන ශූරී උසේන් බෝල්ට් තම ක්‍රීඩා දිවිය අවසන් කල බව නිවේදනය කර තිබේ. ඔලිම්පික් පදක්කම් අටක් දිනා ඇති බෝල්ට් මෙම සමු ගැනීම ප්‍රකාෂ කලේ ධාවන තරඟ වලින් ඉවත් වී පාපන්දු ක්‍රීඩකයකු ලෙස සිය වෘත්තීය ආරම්භ කිරීමෙන් පසුව ඒ සම්භන්ධයෙන් ඇති වූ කළකිරීමත් සමඟය.

මාස දෙකක කාලයක් ඔස්ට්‍රේලියාවේ සෙන්ට්‍රල් කෝස්ට් මැරිනර්ස් පාපන්දු කණ්ඩායමේ පුහුණුව ලැබුවද, වෘත්තීය ගිවිසුමක් සඳහා මුල්‍ය අනුග්‍රාහයකු සොයා ගැනීමට ක්‍රීඩා සමාජය අපොහොසත් වීම හේතුවෙන් පසුගිය නොවැම්බර් මාසයේදී ඔහු ඉන් ඉවත් විය.

2018 ඔක්තෝබර් මාසයේ පැවැති මැක් ආතර් සවුත් වෙස්ට් කණ්ඩායම සහ මැරිනසර් කණ්ඩායම අතර පැවැති සුහද පාපන්දු තරඟයකදී උසේන් බෝල්ට් ගෝල දෙකක් වාර්ථා කිරීමට සමත් විය.

“ඒ කාලය ඇතුලත මම සතුටක් ලැබුවා. කටයුතු හරියට සිදුවුනේ නැහැ කියන්න මට අවශ්‍ය නෑ. ඒත් අපි ඒක කළේ කල යුතු ආකාරයට නෙමෙයි. අපි ජීවත් වන අතරේ ඉගන ගන්නවා ඒක මට හොඳ අත්දැකීමක්. කණ්ඩායමක සිටීමෙන් මම ඇත්තට ම සතුටක් ලැබුවා.” යැයි උසේන් බෝල්ට් පැවසීය.

මීටර්100 හා මීටර් 200 ලෝක වාර්ථා වලට හිමිකම් කියන උසේන් බෝල්ට් ට 2017 වසරේ මලල ක්‍රීඩාවෙන් සමුගත් පසු බොහෝ සෙයින් පාපන්දු ක්‍රීඩා සමාජ ආරාධනා කල අතර ඔහු වැටුප් වශයෙන් ඉල්ලා සිටි විශාල මුදලට එකඟවීමට නොහැකි වූ හෙයින් එම ආරාධනා ප්‍රතික්ෂේප විය. බෝල්ට් ඔස්ට්‍රේලියාවේ මැරිනසර් ක්‍රීඩා සමාජයට එකතු වන්නට ප්‍රථම නොර්වේ ස්ට්‍රොම්ස්ගොඩ්සෙඩ් නැමති කණ්ඩායම සහ ජර්මනියේ බොරුසියා ඩෝට්මන්ඩ් කණ්ඩායම සමඟද පුහුණු වීම් වල නිරත විය.

ක්‍රිඩාවෙන් සමුගත් පසු උසේන් බෝල්ට් ව්‍යාපාරික ලෝකය කෙරෙහි අවධානය යොමු කරණ බව පවසයි. “මම දැන් විවිධ ව්‍යාපාර සඳහා යොමු වෙමින් ඉන්නවා. මම දැන් උත්සාහ කරන්නේ ව්‍යාපාරිකයකු වෙන්නයි.” ඔහු පවසයි.



https://www.youtube.com/watch?v=QuHLsWbZ4tw

සටහන : නුවන් ජයතිස්ස