ක‍්‍රීඩකයන්ටත් හිරේ යන නීතියක් සම්මතයි

තරගපාවා දෙන ඕනෑම අයකුට අධිකරණයෙන් වරදකරු වුවහොත් රක්ෂිත බන්ධනාගාර ගත කල හැකි නීතියක් ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත වී තිබේ.
ශ‍්‍රී ලංකාවේ තරග පාවාදීම් සහ ඒවාට අනුබල දුන් පුද්ගලයන් බොහොමයක් හසුවුවද මෙරට ක‍්‍රීඩා නීතියේ ඒ සඳහා දඩුවම් පැමිණවීමට ක‍්‍රමවේදයක් නොතිබු හෙයින් ඒ සියලූ දේ නිෂ්ප‍්‍රභා විය. මෙරට පවත්නා පළමු පෙළ, ශ‍්‍රී ලංකා ‘ඒ’ සහ අනිකුත් තරග නැරඹීමටද පැමිණෙන දෙස් විදෙස් බුකී කරුවන් විසින් ක‍්‍රීඩාංගණයේදීම ඔට්ටු දැමීමේ ක‍්‍රියාදාමයන්වල නිරත වන බවට පසුගිය කාලයේදී අනාවරණය විය.
තරග පාවාදීම, දුෂණය, නීති විරෝධී මෙහෙයවීම සහ නීති විරෝධී ඕට්ටු ඇල්ලීම් සඳහා වන වරදකරුවන්ට අදාළ නීතිය අනුව දඩුවම් පැමිණවිය හැකි ක‍්‍රමවේදයක් දැන් ස්ථාපිතව තිබේ. මීට පෙර අදාළ වරදකරුවන් හසු වුවද ඒ සඳහා දඩුවම් පැමිණවීමේ නීතියක් මෙරට ක‍්‍රීඩාවේ නොතිබුණි.
සම්මත වු එම ක‍්‍රීඩා නීතියට ප‍්‍රකාරව අධිකරණයකදී වරදකරුවකු බවට පත් වුවහොත් ඔහුට රුපියල් ලක්ෂ පහකට දඩයක් හෝ අවුරුදු දහයක සිරදඩුවමක් හෝ වසර තුනක් නොඉක්මවන බන්ධනාගාර ගත කිරීම හෝ ඒ සියලූ දඩුවම් පැවරීමේ බලය අධිකරණය සතුව තිබේ.