එංගලන්ත ජර්මන් කාන්තා පාපන්දු කණ්ඩායම අතර සුහද පාපන්දු තරගයක්

එංගලන්ත කාන්තා කණ්ඩායම සහ ජර්මන් කාන්තා පාපන්දු කණ්ඩායම අතර සුහද පාපන්දු තරගයක් ඊයේ පැවැත්විය.

පළමු අර්ධයේ 9වැනි මිනිත්තුවේදීම ගෝලයක් රැස් කරමින් තරගයේ පෙරමුණ ගැනීමට ජර්මන් ක්‍රීඩිකාවන් සමත් විය.

තරගයේ 35වැනි මිනිත්තුවේදී එංගලන්තයට දඬුවම් පහරක් හිමිවුවත් එය සාර්ථක කර ගැනීමට එංගලන්ත ක්‍රීඩිකාවන් සමත් වූයේ නැහැ.

නමුත් 44වැනි මිනිත්තුවේදී ගෝලයක් රැස් කරගත් එංගලන්තය තරගයේ ගෝල සංඛ්‍යාව සම කිරීමට සමත් විය.

එතැන් සිට අවසන් මොහොත දක්වාම තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත්තේය.

කෙසේ වෙතත් අවසන් මිනිත්තුවේදී රැස් කරගත් ගෝලයත් සමගින් ගෝල 2ට 1ක් ලෙස තරගය ජයගත්තේ ජර්මනියයි.

තරගය පැවති වෙම්බ්ලි ක්‍රීඩාංගණයට ප්‍රේක්ෂකයින් 80203 දෙනෙක් රැස්ව සිටි අතර එය වාර්තා අතරට එක්වූයේ එංගලන්තය තුළදී පාපන්දු තරගයක් නැරඹීමට පැමිණි වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාව ලෙසයි.

ඒ ලන්ඩන් නුවර වෙම්බ්ලි ක්‍රීඩාංගණයේදීයි.