පළමු ඉනිමේ වාසියයි දෙවැනි ඉනිමේ අමාරුකමයි

Sri Lankan cricketer Suranga Lakmal (2R) celebrates with teammates after dismissing New Zealand's Mitchell Santner (not pictured) during the second day of the first Test cricket match between Sri Lanka and New Zealand at the Galle International Cricket Stadium in Galle on August 15, 2019. (Photo by Ishara S. KODIKARA / AFP) (Photo credit should read ISHARA S. KODIKARA/AFP/Getty Images)

නවසීලන්තය සමග ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී ශ‍්‍රී ලංකා පිල පළමු ඉනිමේදී ලකුණු 16 ක වාසියක් ලබා ගැනීමට සමත් විය. නමුත් සිව්වැනි ඉනිමේදී ජයග‍්‍රහණයට ලකුණු 250 ක් හඹා යෑමද ගාලූ තණතීරුවේදී මහත් අභියෝගයකි.
තරගයේ තෙවැනි දිනට (16 දා* නවතා දමන විට ප‍්‍රතිවාදීන්ගේ කඩුලූ 07 ක් ලකුණු 195 ක් තුළ දවා ගැනීමට සමත් විය. එහි ප‍්‍රමුඛත්වය ගත් ලසිත් ඇඹුල්දෙණිය කඩුලූ හතරකම අයිතිකරුවා විය.
ටෙස්ට් ක‍්‍රිකට් ලෝක කුසලාන ඉදිරි ගමන සඳහා පළමු ඉනිමේ වාසිය, ප‍්‍රසාද ලකුණු සඳහා බලපාද්දී ශ‍්‍රී ලංකා ඉනිම පසුපෙළින් ඔසවා තැබූ නිරෝෂන් දික්වැල්ල සහ සුරංග ලක්මාල් අට වැනි කඩුල්ලට ලකුණු 81 ක සබඳතාවක් පැවැත්වීමට සමත් විය.
පිතිකරුවකු වශයෙන් දික්වැල්ලගේ අර්ධ ශතය සහ පළමු ඉනිමේ වාසිය වෙනුවෙන් විශිෂ්ඨ දායකත්වයක් ලබාදුන් සුරංග ලක්මාල් පන්දු 98 කදී හතරේ පහර තුනක් සහ හයේ පහර දෙකක් සමග ලකුණු 40 ක් ලබා සිටියදී ටෙ‍්‍රන්ට් බෝල්ට්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් පිටියෙන් ඉවත් විය. නිරෝෂන් දික්වැල්ල පන්දු 109 කදී හතරේ පහර තුනක් සමග ලකුණු 61 ක් ලබා ගත් අතර එය ඔහුගේ 12 වැනි ටෙස්ට් අර්ධ ශතකය වේ. ලක්මාල්ගේ දැවී යාමෙන් පසුව ලකුණු වේගය වැඩි කිරීමට උත්සහ කරද්දී දික්වැල්ල පිටියෙන් ඉවත් විය.
ගාල්ල තණතීරුවේදී සිව්වැනි ඉනිම ක‍්‍රීඩා කිරීම දැඩි අනතුරුදායක තත්ත්වයක් බව පිතිකරුවෝ හොඳින්ම දනිති. නමුත් ශ‍්‍රී ලංකාවට තරගය ජයග‍්‍රහණය කිරීමට නම් නවසීලන්ත දෙවැනි ඉනිම ලකුණු 250 කට මෙපිටින් තබා ගැනීම අනිවාර්ය වෙද්දී ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් ඔවුන්ගේ පළමු හය ලකුණු 124 කදී ගලවා දැමූහ. නමුත් වොට්ලින් අර්ධ ශතකයක් ලබා ගනිමින් නවසීලන්ත පිල ඔසවා දමද්දී ඔහුට එක් වූ ටිම් සවුති හත් වැනි කඩුල්ලට ලකුණු 54 ක සබඳතාවක් පිහිටුවීමට සමත් විය.
හත්වැනි කඩුල්ල වෙනුවෙන් ටිම් සවුති පන්දු 62 කදී හතරේ පහරක් සමග ලකුණු 23 ක් ලබා ගත්තේය. පළමු ඉනිමේදී කඩුලූ ලබා ගැනීමට නොහැකි වූ ලසිත් ඇඹුල්දෙණිය ඊයේ නවසීලන්ත පිතිකරුවන්ව පාලනය කරමින් කඩුලූ අතරට පැමිණීමට සමත් විය. ඇඹුල්දෙණිය විසින් ඊයේ කෙන් විලියම්සන්, රොස් ටේලර්, මිචෙල් සැනට්නර් සහ ටිම් සවුති යන පිතිකරුවන් සිව්දෙනාවම පිටියෙන් ඉවත් කිරීමට සමත් විය.
පළමු ඉනිම්දී කඩුලූ පහක් දවා ගත් අකිල ධනංජයට ඊයේ දවා ගත හැකිවූයේ ටොම් ලෙතම්ගේ කඩුල්ල පමණි. ධනංජය ද සිල්වා නිකොලොස් සහ රාවල් දෙදෙනාගේ කඩුලූ ඩැහැ ගැනීමට සමත් විය. ඊයේ දිනයේදී වේග පන්දු යවන සුරංග ලක්මාල් පන්දුවාර අටක් සහ ළහිරු කුමාර පන්දුවාර පහක් පමණක් යැවු අතර අනෙක් පන්දුවාර 63 ම දඟ පන්දු යවන්නන් විසින් ක‍්‍රියාත්මක විය.