ශ්‍රේණිගත කිරීම් වල ශ්‍රී ලංකාව අටවැනි තැන

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කළ නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තවදුරටත් අටවන ස්ථානයේ පසු වනවා.එංගලන්තය පෙරමුණේ පසුවන අතර,දෙවන ස්ථානය හිමිව ඇත්තේ ඉන්දියාවටයි.විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් වල පාකිස්තානයට පළමු තැන හිමිව ඇති අතර,ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීම් වලද අටවන ස්ථානයේ රැදී සිටිනවා.