හෝමාගම මැදි විදුහල සහ මරදාන ජෝෂප් අවසන් සටනකට

සා. ජෝසප් විදුහල් පිල
හෝමාගම මධ්‍ය මහා විදුහල් පිල

වයස අවු. 17 න් පහළ අන්තර් පාසල් සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ අවසන් මහා තරගය හෝමාගම මධ්‍ය මහ විද්‍යාල පිල හා සා. ජෝසප් ‘බී’ පිල අතර හෙට (30) කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙම කාණ්ඩයේ පැවැති අවසන් පූර්ව තරගයේදී ජා ඇල ක්‍රිස්තුරාජ පිල පරාජය කරමින් හෝමාගම මධ්‍ය මහා විදුහල් කණ්ඩායම අවසන් තරග වරම් හිමිකරගන්නා අතරවාරයේදී යාපනය ස්කන්දර්වෝදය මහා විද්‍යාලය පරාජයට ඇද දමමින් කොළඹ සා. ජෝසප් ‘බී’ පිල අවසන් තරගයට සුදුසුකම් ලැබීය.
මෙම අවසන් මහා තරගයේදී හෝමාගම මධ්‍ය මහා විදුහල් පිල මධුර නීල නුවන් විසින් මෙහෙයනු ලබන අතර කොළඹ සා. ජෝසප් ‘බී’ පිල මෙහෙයවීමේ වගකීම කුෂාන් සමරසිංහගේ කරමත පැවරී තිබේ.
සා. ජෝසප් විදුහල් පිල 
කුෂාන් සමරසිංහ (නායක), කෙවින් යාපා (උප නායක), සදෙව් ප්‍රනාන්දු, සෙනුර පීරිස්, ඩේමියන් ප්‍රනාන්දු, විනුක් ලොකුබාලසූරිය, ශාමාල් පින්ගමගේ, ඩිලෝන් ලූඩොවිකේ, ශාලින්ද සෙනෙවිරත්න, රුචිර පල්ලියගුරු, රසිත ආරියසේන, ටි්‍රහාන් ප්‍රනාන්දු, උකේෂ් බාලමුහුතන්, නුහාන් පෙරේරා, කෙන් හර්බට්, අරන ධාබරේ, විකුම් දිනූෂාන්, ආරෝන් පෙරේරා, නික් ජෝර්ඩියන්, කවිදු ප්‍රියදසුන් පෙරේරා (පුහුණුකරු), ආසිරි කල්දේරා (ක්‍රීඩාභාර ආචාර්ය), මිලාන් බර්නාඩ් පියතුමා (ක්‍රීඩා ප්‍රධානී), ටේ‍රවිස් ගේබි්‍රයල් පියතුමා (විදුහල්පති)
හෝමාගම මධ්‍ය මහා විදුහල් පිල 
මධුර නීළනුවන් (නායක), චතුක කාවින්ද, සුරේන්ද්‍ර සිතුමිණ, තිවංක ලක්රුවන්, බිනෝත් සංතුෂ්, තරුෂ තත්සර, චමිත් නවෝද, සජිත් චතුරංග, සදුන් කෞෂික, මොවිදු හංසිත, දුලංක නදීර, ඛෙමින්ද උරේෂ්, සාගර පරණවිතාන (පුහුණුකරු), නිපුන මහේෂ් පෙරේරා (සහය පුහුණුකරු), එස්.එච්.සරත් කුමාර (ක්‍රීඩාභාර අචාර්ය), ප්‍රියන්ති සමරසිංහ (විදුහල්පති)