ශ්‍රී ලංකා එක්දින පිලේ නායකත්වය තිසර පෙරේරාට

ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායමේ නව නායකයා ලෙස තිසර පෙරේරා පත්කර තිබේ. ඉන්දියාව සමග ලබන මස පැවැත්වෙන එක්දින තරගාවලිය සහ විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් ඔහුව පත්කළ බව ශ්‍රී ලන්කන් ස්පෝට්ස් වෙත වාර්තා වේ.
28 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා පළමු වරට ඉකුත් ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස පත්විය. ඒ පාකිස්තානය සමග පැවැති තරග තුනකින් සමන්විත තරගාවලියේදීය. එම තරගාවලිය 3-0 ක් ලෙස පරාජය වුවද තිසර පෙරේරාගේ නායකත්වය කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ගේ ප්‍රශංසාවට ලක්වීම අදාළ පත්කිරීමට හේතුව වී තිබේ.
තිසර පෙරේරා එක්දින තරග 125 කදී අර්ධ ශතක හතක් සමග මුළු ලකුණු 1441 ක් සහ කඩුලූ 133 ක් බිඳ දමා ඇති තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.

Sri Lanka’s Thisara Perera celebrates the wicket of Australia’s David Warner during their second one day international cricket match in Colombo, Sri Lanka, Wednesday, Aug. 24, 2016. (AP Photo/Eranga Jayawardena)