මේ වළෙන් ගොඩ එන්න සැලසුම් කරමු – තිසර පෙරේරා කියයි

ශ්‍රී ලංකා එක්දින නායකත්වයට පත්වූ තිසර පෙරේරා තම කණ්ඩායමට සියයට දෙසීයක් දායකත්වය ලබා දෙන බවත් මෙය සිහිනයක් සැබෑවීමක් බවත් අද (29 දා) ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
ඉන්දියානු සංචාරයට පමණක් තිසරව තාවකාලික නායකයා ලෙස පත් කර ඇති නමුත් ඔහු සිය කණ්ඩායම සමග දුර ගමනක් යෑමට තරගයෙන් තරගයට සැලසුම් සකස් කරන බවද පැවසීය.
නායකයා කියන්නෙ දැන් කණ්ඩායමේ නිත්‍ය කී්‍රඩකයෙක් කියන එක. ඇත්තටම පසුගිය කාලයේ මම කණ්ඩායමට ආවා ගියා. මම හිතනවා පසුගිය කාලයේ දක‍ෂතාවන් ඉහළ පහළ ගියා. මට පෞද්ගලික ලොකු විශ්වාසයක් තියෙනවා නායකයා ලෙස ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා. මම විශ්වාස කරන්නෙ පිතිකරණය, පන්දු යැවීම සහ පන්දු රැකීම කාටත් පාලනය කරන්න බැහැ. නමුත් ඒ වෙනුවෙන් එක අරමුණක් තියාගෙන පසුගිය කාලයේ වුණ සේරම අමතක කරලා මේ වළෙන් ගොඩ එන්න සැලසුම් කරමු.
පසුගිය කාලයේ කණ්ඩායමේ මට වුණ දේවල් සේරම අමතක කරල දැන් අලුතින් පටන් ගන්න ඕන. මට දෙන කණ්ඩායමත් එක්ක පිට්ටනිය මැද්දෙදි ගහන්න ඕන සියලුම ප්ලෑන් ගහල එකක් හරි දිනාගන්න තමයි දැන් උත්සහ කරන්න ඕන. යනුවෙන් තිසර වැඩිදුරටත් පැවසීය.