විස්සට තරුණ සෙට් එකක් ගේන්න ඕන – ක‍්‍රීඩා ඇමැති හරීන් කියයි

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායම ඉදිරියේදී සහභාගි වන විස්සයි විස්ස ක‍්‍රිකට් තරග සඳහා තරුණ ක‍්‍රීඩකයන් ගෙන එනවාමට තමා පෞද්ගලිකව කැමැති බව ක‍්‍රීඩා ඇමැති හරීන් ප‍්‍රනාන්දු පවසයි. නවසීලන්තය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරග තුන සහ ඉදිරියේදී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ඉලක්කය වෙනුවෙන් ඇමැතිවරයා මෙම අදහස් පළ කර සිටියේය.
‘‘ඇත්තටම ෂෙහාන් ජයසූරියලා, වනිඳු හසරංගලා අපි දැක්ක පසුගිය තරගවලදී ක‍්‍රීඩා කරන ආකාරය. මම තේරීම් කමිටුවේ නැහැ. නමුත් මම ආසයි විස්සයි විස්සට තරුණ සෙට් එකක් එනවට. ඔවුන්ව හදා ගන්න ඕන ඉස්සරහට. දිනේෂ් චන්දිමාල්ටත් දැන් ඉස්සරහට ලැබෙයි.’’
නවසීලන්තය සමග විස්සයි විස්ස තරගාවලියේ සංචිතය තමාට තවම ලැබුණේ නැති බවද ක‍්‍රීඩා ඇමැති වරයා පවසයි. මේ අතර දවස් අටකට පමණක් පාකිස්තානයේ එක්දින හෝ විස්සයි විස්ස තරගාවලියකට සහභාගි වන බවද කී‍්‍රඩා ඇමැතිවරයා පවසයි.