දසුන්ගේ ඔටුන්න මැතිව්ස්ගේ හිසට

බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන 4 වැනිදා ශ‍්‍රී ලංකා වේලාවෙන් අළුයම 3.30 ට ආරම්භ වේ. එහිදී ශ‍්‍රී ලංකා පිලේ විස්සයි විස්ස නායකත්වය යළිත් ඇන්ජලෝ මැතිව්ස්ට ලබාදීමට ක‍්‍රිකට් කළමණාකාරීත්වය තීරණය කර ඇත.
මීට පෙර ශ‍්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා වශයෙන් දසුන් ශානක නම් කර තිබුණද ඔහුගේ විදේශ ගමන් බලපත‍්‍රයේ සඳහන් විය යුතු ඇමරිකානු වීසා කලින් තිබූ ගමන් බලපත‍්‍රයේ තිබී නැතිවී ඇති බැවින් කණ්ඩායම සමග සංචාරය කිරීමට ඔහුට නොහැකි විය. ඒ අනූව දසුන් නොමැති වීමෙන් කණ්ඩායම සතු ජේ්‍යෂ්ඨතම ක‍්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස්ට නායකත්වය ලබාදී තිබේ.
කෙසේ වෙතත් ඇන්ජලෝ මැතිව්ස්ට නායකත්වය දරන ලෙස ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බළධාරීන් කළ ඉල්ලීමට අනුව ඔහු නායකත්වය භාරගෙන තිබේ. දසුන් ශානකට කොදෙව්වන් සමග පැවැත්වෙන විස්සයි විස්ස තරග තුනම මග හැරෙන බවට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
‘‘අපි මැතිව්ස්ට කිව්වා ජාතික කණ්ඩායමට මේ වෙලාවේ නායකත්වය ලබාදීමට සුදුසුම කෙනා ඇන්ජලෝ මැතිව්ස් කියා.’’ යැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධානියකු සඳහන් කර සිටියි. ශ‍්‍රී ලංකා පිල මේ වන විට දින තුනක නිරෝධානයකට යටත්ව විවේකයෙන් සිටී. දසුන් ශානක එක්දින තරගාවලියේදී යළිත් කණ්ඩායමට එක්වීමට නියමිතව ඇතැයි වැඩිදුරටත් වර්තා වේ.