ශ‍්‍රී ලංකා විස්සයි විස්ස නායකත්වය යළි මාලිංගටම

එළැඹෙන ඔස්ටේ‍්‍රලියානු සංචාරයේ ශ‍්‍රී ලංකා විස්සයි විස්ස නායකයා වශයෙන් ලසිත් මාලිංග පත්කරන බවට ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා පවසයි. ඒ අනුව එහි උපනායකත්වය දසුන් ශානකට ලබාදීමට නියමිතව තිබේ.
ඔස්ටේ‍්‍රලියාව සමග තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායම ලබන 24 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව තිබේ. දෙරට අතර විස්සයි විස්ස තරගාවලිය ඔක්තෝම්බර් 27 වැනිදා සිට නොවැම්බර් මස 2 වැනිදා දක්වා පැවැත්විමට නියමිතය.
ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ නායකත්වය තවමත් කාට හිමිවේද යන්න කිව නොහැකි බවත් තරගාවලියෙන් තරගාවලියට නායකත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවත් ක‍්‍රිකට් තේරිම් කමිටු සභාපතිවරයා පවසයි. මේ අතර ඔස්ටේ‍්‍රලියාව සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියට කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල ඇතුළත් වීමට නියමිතව තිබේ.