කට්ටිය දෙකට බෙදී ක‍්‍රිකට් පුහුණුව අරඹයි

කොරෝනා නීති සංග‍්‍රහයට අනුකූලව දින 81 කට පසුව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම හෙට (01 දා* සිට පුහුණුව ආරම්භ කරන අතර එම පුහුණුව සඳහා ක‍්‍රීඩකයන් 13 දෙනකුට සහ පුහුණු කාර්්‍යමණ්ඩලය ඇතුළු සිව් දෙනකුට සීමාවේ.
17 දෙනකුගෙන් සමන්විත ශ‍්‍රී ලංකා කඳවුර දැඩි නීති රැුකවල් යටතේ දින 12 ක නේවාසික පුහුණුවක් ලබන අතර ඒ සඳහා සහභාගී වන ක‍්‍රීඩකයන් වන්නේ පන්දු යවන්නන් සහ කඩුලූ රකින්නන් පමණි. පිතිකරුවන්ගේ පුහුණු පසුව සිදුකිරීමට නියමිතය.
රජයේ සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි මෙම පුහුණුව අරඹන අතර මෙම නේවාසික පුහුණුව පන්දු යවන්නන්ට සහ කඩුලූ රකින්නන්ට පමණක් සීමාවේ. එහිදී පිතිකරුවන්ගේ පුහුණුව ආරම්භ කිරීම තවදුරටත් ප‍්‍රමාද වන අතර පන්දු යවන්නන් සහ කඩුලූ රකින්නන් ඇතුළුව 13 දෙනෙකු අද සිට සී.සී.සී. ක‍්‍රීඩාංගණයේදී පුහුණුව අරඹන අතර ඒ සඳහා ප‍්‍රධාන පුහුණුකරු මිකී ආතර් ඇතුළු කාර්්‍ය මණ්ඩලය සිව්දෙනකුට සීමාවේ.
‘‘පිතිකරුවන් නැතිව තමයි පළමුව පුහුණුව ආරම්භ කරන්නෙ. විශේෂ නීති මාලාවක් තියෙනවා පුහුණුවීම් කරන්න. කිසිවෙකුට ක‍්‍රීඩාංගණයට යන්න බැහැ. අපිට තවම කියන්න බැහැ ඉස්සරහට මොනව වෙයිද කියලා. ඉන්දියානු සහ බංග්ලාදේශ තරගාවලි සම්බන්ධවත් අපි තවම හරියට කිසිදෙයක් දන්නෙ නැහැ. විස්සයි විස්ස ලෝක කුසලානත් බොහෝ දුරට අවිනිශ්චිත වේවි. කොහොම වුණත් රජයේ නීති රීතිවලට අනූව කණ්ඩායම පුහුණු වෙනවා. අනිත් කට්ටිය ගෙදර සිටන් පුහුණු වෙන්න අවශ්‍ය කටයුතු සහ අධීක්ෂණය කරනවා.’’ යැයි ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති සහ අසන්ත ද මැල් මහතා සඳහන් කරයි.
හෙට ආරම්භ වන පුහුණුව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් වන ඇන්ජලෝ මැතිව්ස්. ලසිත් මාලිංග සහ තිසර පෙරේරා සහභාගි නොවේ. පළමු අදියරේ පුහුණුව වෙනුවෙන් දිමුත් කරුණාරත්න, කුසල් පෙරේරා. දසුන් ශානක, සුරංග ලක්මාල්, නුවන් ප‍්‍රදීප්, ළහිරු කුමාර, විශ්ව ප‍්‍රනාන්දු, ඉසුරු උදාන, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්, වනිඳු හසරංග, ලසිත් ඇඹුල්දෙණිය සහ ධනුෂ්ක ගුණතිලක සහභාගි වේ.
ක‍්‍රීඩයන් ඇතුළු කාර්්‍ය මණ්ඩලය ලැඟුම් ගන්නා හෝටලයද දිනපතා විෂබීජහරණය කරනු ලබයි. ක‍්‍රීඩකයන්ට මෙන්ම නිලධාරීන්ටද පිටස්තර පුද්ගලයන් සමග සම්බන්ධතා පැවැත්විය නොහැකි අතර ක‍්‍රිකට් ක‍්‍රීඩාව කොරෝනා වසංගතය හමුවේ අදි අවධානම් ක‍්‍රීඩාවක් වශයෙන් සෞඛ්‍ය අංශ විසින් නම් කර තිබේ. හෙටින් ඇරඹෙන පුහුණුව වෙනුවෙන් සුරංග ලක්මාල්,
ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් සකස් කර ඇති සෞඛ්‍ය ආරක්ෂක නීති රීති අනූව රජය විසින් පනවා ඇති නිරෝධායනය නීති රීතිවලට සහ ක‍්‍රීඩා වෛද්‍ය ආයතනයේ සෞඛ්‍ය නීති රීති අනූව සංචිත පුහුණුව පවත්වා ගත යුතුවේ. ඒ අනුව සංචිතවල සිටින ක‍්‍රීඩක ක‍්‍රීඩිකාව්ට පුහුණුවන ස්ථානය සහ නේවාසිකාගාරවලින් බැහැර යෑම තහනම් වන අතර එසේ කරන්නේ නම් අත්‍යඅවශය කරුණක් සහ ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් හෝ ක‍්‍රීඩා වෛද්‍ය ආයතනයේ වෛද්‍යවරයකුගෙන් අවසර ලබා ගත යුතුවේ.
කිසිම අවස්ථාවද දෙමාපියන්, නෑදෑ හිතමිතුරන් මෙන්ම කිසිදු බාහිර පුද්ගලයකු හමුවීමට නොහැකි අතර අත්‍යඅවශ්‍ය කරුණක් වෙනුවෙන් පමක් අවසරයක් සහිතව ඔවුන්ව මුණ ගැසීමට හැකියාව ලැබේ. මීට අමතරව පුහුණුකරුවන් ඇතුළු කාර්්‍ය මණ්ඩලයටද ක‍්‍රීඩකයන්ට පනවා ඇති නීති පද්ධතිය වලංගු වන අතර ඒ සෑම කෙනෙක්ම රජයේ, ක‍්‍රීඩා අමාත්‍යාංශයේ, කී‍්‍රඩා වෛද්‍ය ආයතනයේ සහ ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු විසින් පනවා ඇති කොරෝනා සම්බන්ධ නීති පද්ධතියටම යටත්ව කටයුතු කළ යුතුවේ.