චන්දිමාල්ට ‘කට්ටිය’ දහයෙන් ‘ෆේල්’

පාකිස්තාන් ක්‍රිකට් ආයතනය සාජා හීදී සංවිධානය කරන ලද පළමු අන්තර්ජාතික පන්දුවාර දහයයි දහය ක්‍රිකට් තරගාවලිය නියෝජනය කළ දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල පළමු වටයේ සියලූම තරග පරාජය පත්වෙමින් තරගාවලියෙන් ඉවතට විසිවිය.
මේ තරගාවලිය සඳහා කණ්ඩායම් අටක් සහභාගි වූ අතර අදාළ කණ්ඩායම් කාණ්ඩ දෙකකින් තරග වැදුණි.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ කේර කිංග්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලූ අටක පරාජයක් ශ්‍රී ලංකාවට අත්විඳීමට සිදුවිය. එම තරගයේ පළමුව පිති ප්‍රහාරය දියත් කළ ශ්‍රී ලංකාව ඕවර 10 කදී කඩුලූ 3ට ලකුණු 112 ක් ලබා ගත් අතර දිනේෂ් චන්දිමාල් පන්දු 24 කදී හයේ පහරක් සහ හතරේ පහර පහක් සමග නොදැවී ලකුණු 38 ක්ද භානුක රාජපක්ෂ පන්දු 16 කදී ලකුණු 26 ක් ලබා ගත්තේය. වර්ෂාව හේතුවෙන් කේරල කිංග්ස්ට අවශ්‍ය වූ ලකුණු 91 කඩුලූ දෙකක් පමණක් දැවී ලබා ගත්තේය.
ශ්‍රී ලංකාව සහ ඛෙංගාල් ටයිගර් අතර තරගයෙන්ද ශ්‍රී ලංකාවට කඩුලූ හයක පරාජයක් අත්විඳීමට සිදුවිය. එම තරගයේදී භානුක රාජපක්ෂ පන්දු 27 කදී හතරේ පහර නවයක් සහ හයේ පහර තුනක් සමග ලකුණු 65 ක් ලබා ගත්තේය.