දහයේ ක්‍රිකට් ඔටුන්න චන්දිමාල්ට දෙයි

සාජා හී අද (14 දා) ආරම්භ වූ පන්දුවාර දහයයි දහය ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට දිනේෂ් චන්දිමාල් පත්කර තිබේ. කණ්ඩායම් හයක් තරග වදින මෙම තරගාවලිය දින හතරකින් අවසන් වන අතර දෙසැම්බර් 17 වැනිදා අවසන් මහා තරගය පැවැත්වේ.
හිටපු ප්‍රවේගකාරී පිතිකරුවන් වන විරේන්ද්‍ර ෂෙවාර්ග්, සහිඩ් අෆ්රීඩි සහ ඔයින් මෝර්ගන් වැනි ජාත්‍යන්තර ක්‍රිකට් තරු සහ වත්මන් ක්‍රිකට් තරු රාශියක් මෙම තරගාවලියට සහභාගි වන අතර පාකිස්තාන් ක්‍රිකට් ආයතනය තරගාවලිය සංවිධානය කරනු ලබයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් කලම්බු ලයන්ස් පිල අදාළ තරගාවලිය නියෝජනය කරනු ලබයි.
ශ්‍රී ලංකා කලම්බු ලයන්ස් කණ්ඩායම
දිනේෂ් චන්දිමාල් (නායක), ෂෙහාන් ජයසූරිය, ඩිල්ෂාන් මුණවීර, රමිත රඹුක්වැල්ල, භානුක රාජපක්ෂ, වනිදු හසරංග, ඇන්ජලෝ පෙරේරා, තික්ෂිල ද සිල්වා, විශ්ව ප්‍රනාන්දු, සචිත්‍ර සේනානායක, ෂෙහාන් මධුෂංක, ළහිරු මධුෂංක, කසුන් මධුෂංක, ඇන්ජලෝ පෙරේරා, කිත්රුවන් විතානගේ, අලංකාර අසංක