සුපිරි ක්‍රිකට් තරු දහයේ ක්‍රිකට් වලට බසියි

සාජා ක්‍රීඩාංගණය කේන්ද්‍රකොට පවත්වනු ලබන පන්දුවාර දහයයි දහය (ටී-10) ක්‍රිකට් තරගාවලියක් සඳහා හිටපු සුපිරි ක්‍රිකට් තරු සහ වත්මන් ක්‍රිකට් තරු ඇතුළු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිටින ප්‍රබල ක්‍රීඩකයන් රාශියක් තරග වැදීමට නියමිතය.
කණ්ඩායම් හයක සහභාගීත්වයෙන් පළමු වරට පැවැත්වෙන පන්දුවාර දහයයි දහය ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ලබන දෙසැම්බර් මස 14 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වේ. මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් වෙනම කණ්ඩායමක් සහභාගිවීමද විශේෂත්වයකි.
කුමාර් සංගක්කාර, රංගන හේරත්, විරේන්ද්‍ර ෂෙවාර්ග්, මිස්බා උල් හක් ඇතුළු ජාත්‍යන්තර එක්දින පිටියට සමුදුන් ක්‍රීඩකයන්ද මෙම තරගාවලියට සහභාගි වේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය හේතුවෙන් දිනේෂ් චන්දිමාල්ව ශ්‍රී ලංකා කණ්ඩායමට නම් කර තිබුණද ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත තත්ත්වයක පවතී.

තරගාවලියට සහභාගි වන කණ්ඩායම්

ශ්‍රී ලංකා කණ්ඩායම
ළහිරු තිරිමාන්න, ඩිල්ෂාන් මුණවීර, කිත්රුවන් විතානගේ, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, ඇන්ජලෝ ජයසිංහ, තිසර පෙරේරා, නිපුන් කරුණානායක, ඇන්ජලෝ පෙරේරා, ෂෙහාන් ජයසූරිය, අලංකාර අසංක, වනිඳු හසරංග, කසුන් මධුෂංක, දුෂ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු, සචිත්‍ර සේනානායක, ජෙෆ්රි වැන්ඩ්‍රසි
පන්ජාබි ලෙජන්ඩ්ස්
ෂොහිම් මලික්, උමාර් අක්මාල්, මිස්බා උල් හක්, කාර්ලෝස් බ්‍රැත්වෙයිට්, ෆාහීම් අස්රෆ්, අබ්දුල් රසාක්, ෂරීෆ් අසාදුල්හා, හසන් අලී, ක්‍රිස් ජෝර්ඩන්, අදිල් රෂීඩ්, රංගන හේරත්, දවලට් ෂදර්න්, උස්මන් මිර්, ගුහුලම් ෂබීර්, ලූක් රොන්කි
කේරල කිංග්ස්
ඔයින් මෝර්ගන්, රයන් ටෙන් ඩොස්චෙට්, බාබර් හයට්, රොහාන් මුෂ්ටාෆා, කිරන් පොලාර්ඩ්, ෂකීබ් අල් හසන්, පවුල් ස්ටි්‍රලින්ග්, ඉම්රාන් හයිඩර්, සොහිල් ටන්වීර්, ලියම් ප්ලන්කට්, වහබ් රියාස්, සැමුවෙල් බද්ද්‍රි, රයඩ් එම්රික්, චද්වික් වෝල්ටන්, නිකොලස් පෝරන්
ඛෙන්ගාල ටයිගර්
රමීෂ් ශේෂාඩ්, ඩැරන් සමී, ඩැරන් බ්‍රාවෝ, මොහොමඩ් නවාස්, රොවමන් පවෙල්, සුනිල් නාරායන්, රයන් මැක්ලර්න්, මොහොමඩ් නවීඩ්, මුස්ටාෆිෂර් රහමන්, රූමන් රයිස්, හසන් ඛාන්, අන්වර් අලී, සර්ෆාස් අහමඩ්, ජොහනස් චාර්ලස්, ඇන්ඩ්‍රී ෆෙලෙචර්
පැක්හොටන්
ෆාකර් සමාන්, ටමීම් ඉක්බාල්, ඩ්වයන් ස්මිත්, අහමඩ් ශේෂාඩ්, නජිබුල්හා සර්දාන්, ෂහීඩ් අෆ්රීඩි, අම්ජාබ් ජාවිඩ්, මොහොමඩ් නබී, ලියම් දව්සන්, ජුනයිඩ් ඛාන්, මොහොමඩ් ඉර්ෆාන්, සොහිල් ඛාන්, උමාර් ගුල්, සහීන් අෆ්රීඩි, සක්ලේන් හයිඩර්
මරතා අරාබියන්
විරේන්ද්‍ර ෂෙවාර්ග්, සයිමන් අන්වර්, ඇලෙක්ස් හේල්ස්, ලෙන්ඩල් සිමන්ස්, රිලී රොසොව්, රෝස් වයිට්ලි, ඉමාඩ් වසීම්, රොලෝෆ් වැන් ඩී මෙර්වි, සහූර් ඛාන්, මොහොමඩ් අමීර්, මොහොමඩ් සාමි, හර්ඩුස් විල්ජොයින්, වයන් පාර්නෙල්, කුමාර් සංගක්කාර සහ කම්රන් අක්මාල්