‘විස්සයි විස්ස ලෝක කුසලාන තියන්න බැරිවෙයි‘ – ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් සභාපති කියයි

ලබන ඔක්තෝම්බර් මස ඔස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ක‍්‍රිකට් ලෝක කුසලාන යොදා ගත් දිනයේදී පැවැත්වීමට නොහැකිව කල් දැමීමට සිදුවන බව ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් සභාපති අර්ල් ඒන්ග්ස් පවසයි. ඒ අනූව අයි.සී.සී.යට ඉදිරිපත් කළ හැකි කරුණු රාශියක් ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් ආයතනය මේ වන විට ලබාදී තිබේ.
අර්ල් එඩින්ග්ස් වත්මන් ඔස්ටේ‍්‍රලියානු රජයේ අතුරු ප‍්‍රධාන ක‍්‍රීඩා විධායක නිලධාරියා වශයෙන්ද පසුගියදා පත් කළ අතර ඒ අනූව ඔහු පවසන අවිනිශ්චිත භාවයත් සමග අයි.සී.සී.යට විකල්පයක්ව ඇත්තේ විස්සයි විස්ස ලෝක කුසලාන කල් දැමීම පමණි. නමුත් අයි.සී.සී. ඒ සම්බන්ධව අවසන් තීන්දුව ලබන මසදී ගැනීමට නියමිතව තිබේ.
මේ වන විට ව්‍යාප්තව පවතින කෝවිඞ් 19 වසංගතය ඔස්ටේ‍්‍රලියාවේ පාලනය කර තිබුණද අනෙක් රටවල එසේ නොවීමෙන් තරගාවලිය සංවිධානය කිරීම අසීරු වන බව ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් සභාපතිවරයාගේ විශ්වාසය වී තිබේ. ‘‘කෝවිඞ් නිසා රටවල් 16 කම කණ්ඩායම් ඔස්ටේ‍්‍රලියාවට ගෙන්වා ගැනීමට උත්සාහ කිරීම යථාර්ථවාදී නොවෙයි. අපි ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයට විකල්ප කිහිපයක් යෝජනා කර තිබෙනවා. අපි අපේක්ෂා කරනවා ඒවා බලලා ඔවුන් ලබන මාසයේදී තීරණයක් ගනියි කියලා.’’ යනුවෙන් ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් සභාපති අර්ල් එඩින්ග්ස් පවසයි.
රටවල් 16 ක් තරග වදින මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ලබන ඔක්තෝම්බර් 18 වැනිදා සිට නොවැම්බර් 15 වැනිදා දක්වා පැවැත්වීමට යෝජිතව තිබේ. එම තරගාවලියේ පුහුණු තරග හැර සමස්ත තරග 45 ක් පැවැත්වේ. ඊට අමතරව සුදුසුකම් ලැබීමේ වටයක්ද පැවැත්වෙන අතර කෝවිඞ් 19 තත්ත්වය හමුවේ සියලූම කණ්ඩායම් දින 14 ක නිරෝධනයකින් පසුව තරගාවලියට සහභාගි විය යුතුව තිබේ.
‘‘සියලූම ජාතික ක‍්‍රීඩා මෙන්ම ක‍්‍රිකට් ක‍්‍රීඩාවද වෙනසක් කරා ගමන් කරමින් ඉන්නවා. මෑත මාසවලදී කෝවිඞ් 19 මගින් අවිනිශ්චතා බොහොමයක් ක‍්‍රීඩාවලට පැමිණියා. මේ අවස්ථාවේදී දුෂ්කර තීරණ ගැනීමට සිදුවෙනවා.’’ යැයි විස්සයි විස්ස ලෝක කුසලානයේ හිටපු ප‍්‍රධාන නිලධාරියා වූ කෙවින් රොබට්ස් පවසයි. ඔහුගේ තනතුරේ රාජකාරිය කිරීමට තවත් මාස 18 ක් තිබියදී ඔහු ඉල්ලා අස්විය. ඒ අනූව නව විස්සයි විස්ස ලෝක කුසලාන ප‍්‍රධාන විධායකවරයා වශයෙන් නික් හොක්ලි පත්කර තිබේ.
දේශ සීමා වසා දැමීම සහ පේ‍්‍රක්ෂකයන් නොමැතිව විස්සයි විස්ස ලෝක කුසලාන පැවැත්වීම ගැටලූ සහගත තත්ත්වයක ඇති බව ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් පවසයි. ඔවුන් මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයක පැටලැවි ඇති නමුත් ඒ අර්බුදයෙන් ගොඩ ඒමට ඉන්දියානු කණ්ඩායමේ ඔස්ටේ‍්‍රලියානු සංචාරය වන තෙක් කි‍්‍රකට් සභාපතිවරයා බලා සිටියි.
ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් කෙසේ හෝ විස්සයි විස්ස ලෝක කුසලාන පැවැත්වීමට උත්සහ කරමින් සිය තීරණය ලබා දීමට ලබන මාසය දක්වා කල් දමා තිබියදී ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් සභාපතිවරයා කළ ප‍්‍රකාශයක් සමග බොහෝ දෙනෙකු විස්සයි විස්ස ලෝක කුසලාන බලාපොරොත්තු අතහැර දමා තිබේ.