සෙරීනා විලියම්ස් මාගරට් කෝට්ගේ වාර්ථාවට සමීප වෙයි – video

ලෝව සුපිරිතම ටෙනිස් ක්‍රීඩිකාව බවට පත්ව සිටින ඇමරිකාවේ සෙරීනා විලියම්ස් සිය 24 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාව දිනා ගැනීමේ දෙවන වටයට පිවිස තිබේ.

ඔස්ට්‍රේලියාවේ හිටපු ජ්‍යෙෂ්ඨ ටෙනිස් ක්‍රීඩිකාවක් වන මාගරට් කෝට් විසින් ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා 24ක් දිනා ඇති වාර්ථාව සම කිරීමට ඇයට මෙවර කුසලානය දිනාගත යුතුම වේ.
සෙරීනා විලියම්ස් විසින් පලමු වටයේදී ජර්මනියේ ටට්ජනා මාරියා පරාජය කළ අතර එම තරඟය සෙරීනා ජයගනු ලැබුවේ 6-1 , 6-2 ක් වශයෙනි. ඇය දෙවැනි වටයේදී කැනඩාවේ ඉයුජින් බ්වුවාඩ් සමඟ තරඟ වැදීමට නියමිතව තිබුනි.
2017 වසරේදී සෙරීනා විසින් සිය දියණිය කුස තුල සිටියදී අවසන් වරට ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව දිනා ගත්තාය. නමුත් ඉන් අනතුරුව ඇය අසනීප තත්වයකින් පෙළෙන අතර මෙවර තරඟාවලියට සෙරීනා සභාගි වන්නේ සිය අසනීප  තත්වය සම්පූර්ණ සුවය නොලබා බව වාර්ථා වේ. සෙරීනාගේ සිරුරේ ලේ කැටියක් තැන්පත් වී ඇති බැවින් ඇය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා බවත් එය අවධානම් තත්වයක් බවත් විදෙස් වාර්ථා සඳහන් කරයි.
37 හැවිරදි සෙරීනා විලියම්ස් මෙල්බන් නුවරදී දෙවනි වටයට සුදුසුකම් ලැබීමෙන් පසුව මෙසේ පැවසුවාය.
“මගේ ක්‍රීඩා දිවියට විවේකයක් ලබා දීම අවශ්‍යයි. මම හැම විට වෛද්‍යවරුන් මුණ ගැසෙනවා. මගේ රෝගී තත්වය භයානකයි.”



සටහන : නුවන් ජයතිස්ස