පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර දෙවන එක් දින තරගය සදුදාට කල් යයි

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර කරච්චි නුවරදී පැවැත්වෙන දෙවන එක්දින තරඟය දිනකින් කල් දම තිබෙනවා.

එය හෙට දිනයේ නොව.30 වැනිදා පැවැත්වීමට මේ වනවිට සැලසුම් කර තිබෙනවා.දෙරට අතර පළමු එක්දින තරඟය ඊයේ අතහැර දැනමුණේ අධික වර්ෂාව නේතුවෙන්.

ඉරිදා දිනයේ ද වැසි ඇතිවිය හැකි බවට පාකිස්තාන කාලගුණ අංශ අනාවැකි පළ කර තිබුණා.ඒ අනුවයි මෙලෙස දෙවන එක්දින තරඟය සඳුදා දක්වා කල් දමා ඇත්තේ.