කොදෙව් සංචාරයට සුෂ්මා වර්මාට වරම්

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා සහභගී වන ඉන්දීය එක්දින කණ්ඩායමට සුෂ්මා වර්මා ඇතුළත් කර ඇත.

ඉන්දු – බටහිර ඉන්දීය කොදෙව් කාන්තා එක්දින තරගාවලිය නොවැම්බර් මස 1 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා සහභාගී වන 16 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය කාන්තා සංචිතය ඊයේ නිවේදනය කලේය.

ඒ සඳහා 26 හැවිරිදි සුෂ්මා වර්මා ඇතුළත් කර තිබෙන අතර සුෂ්මා වර්මා අවසන් වරට ඉන්දීය කාන්තා එක්දින කණ්ඩායම නියෝජනය කළේ 2018 වසරේදීයි.

ඒ අනුව ඉන්දීය එක්දින කණ්ඩායම මෙහෙයවිමේ වගකීම මිතාලි රාජ්ට හිමිව ඇත.

මේ අතර දෙරට අතර තරග 5කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියක් ද පැවැත්වීමට නියමිතයි.