ශ්‍රී ලංකා එක්දින පිලේ නායකත්වය මැතිව්ස්ට භාර දෙයි

Sri Lankan cricket captain Angelo Mathews leave the grounds after Zimbabwe's victory in the fifth one-day international (ODI) cricket match between Sri Lanka and Zimbabwe at the Suriyawewa Mahinda Rajapakse International Cricket Stadium in the southern district of Hambantota on July 10, 2017. / AFP PHOTO / LAKRUWAN WANNIARACHCHI (Photo credit should read LAKRUWAN WANNIARACHCHI/AFP/Getty Images)

ඉකුත් 2017 වසරේදී පෞද්ගලික හේතුවක් හුවා දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයට සමුදුන් ඇන්ජලෝ මැතිව්ස්ව යළිත් ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයට පත්කර තිබේ. ඒ අනූව මැතිව්ස් හෙට (09 දා) නිල වශයෙන් පත්වීම් ලැබීමෙන් පසු ඉදිරිය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කිරීමටද සූදානමින් සිටියි.
ශ්‍රී ලංකා එක්දින පිල දිගින් දිගටම පරාජය වීම හේතුවෙන් පසුගිය වසරේ එක්දින පිලට නායකයන් පස්දෙනකු යටතේ ශ්‍රී ලංකා පිල තරගවලට සහභාගි විය. නව පුහුණුකරු චන්දික හතුරුසිංහ විසින් තමාට අවශ්‍ය එක්දින නායකයා සම්බන්ධයෙන් තේරිම් කමිටු ප්‍රධානි ග්‍රැහැම් ලැබ්බ්‍රෝයි සමග සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වීමෙන් පසුව මැතිව්ස්ට නායකත්වය ලබාදීමට එකමතිකව තීරණය වී තිබේ.
පාදයේ ආබාධයකට ලක්ව සිටි ඇන්ජලෝ මැතිව්ස් අදාළ ආබාධ තත්ත්වයෙන් පසුව සහභාගි වූ ශාරීරික යෝග්‍යතා පරීක‍ෂණයෙන්ද සමත්වීමත් සමග ඔහුට නායකත්වය ලබාදී තිබේ. ඒ අනූව 2019 තෙක් ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායකයා වශයෙන් කටයුතු කරනු ලබයි. මැතිව්ස්ගේ උපනායකයා ලෙස දිනේෂ් චන්දිමාල් පත්කිරීමට නියමිතය.