ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා යෞවනයෝ පළමු පිම්මෙන්ම උඩ යයි

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගයේදීම ස්කොට්ලන්තය පරදා ලකුණු 40 ක ජයක් ලැබීමට සමත් විය. ඒ අනූව ප්‍රසාද ලකුණු සටහනේ පළමු වැනියා බවට ශ්‍රී ලංකාව සමාරම්භයේදීම පත්වීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකා යොවුන් පිල මෙවර ලෝක කුසලානයේදී ‘ඩී’ කාණ්ඩයෙන් තරග වදින අතර එම කාණ්ඩයේ ප්‍රතිවාදීන් වන්නේ ඔස්ටේ්‍රලියාව, බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ස්කොට්ලන්තය වේ. මෙම තරගයේ පළමුව පිති ප්‍රහාරය දියත් කළ ශ්‍රී ලංකා යොවුන් පිල ලකුණු 218 කට සීමා විය. එහිදී අංක හය පිතිකරුවා ලෙස පැමිණි කඩුලු රකින ක්‍රීඩක සකුන නිදර්ශන පන්දු 85 කදී හයේ පහර හතරක් සහ හතරේ පහර තුනක් සමග ලකුණු 85 ක් ලබා ශ්‍රී ලංකා ඉනිම ඔසවා තබද්දි තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබීය.
ලකුණු තත්ත්වය
ශ්‍රී ලංකාව පන්දුවාර 48.4 කදී සියල්ල දැවී ලකුණු 218 යි (චමිඳු වික්‍රමසිංහ 28, සදීශ රාජපක්ෂ 24, සකුන නිදර්ශන 85, රවීන්ද සිල්වා 30, සීන් 56/3 යි.
(ස්කොට්ලන්තය පන්දුවාර 48ග4 කදී සියල්ල දැවී ලකුණු 178 යි. (ජැක් ජාර්විස් 55, දුනිත් වැල්ලගේ 27/5, ෂෙවෝන් ඩැනියෙල් 16/2)