වනිදු හා චමීර වසරේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් කණ්ඩායමට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) විසින් 2021 වසරේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් කණ්ඩායම ප්‍රකාශයට පත්කරන ලද අතර එම කණ්ඩායමට එකම ඉන්දීය ක්‍රීඩකයෙකු ඇතුළත් නොකිරීමත් බංගලාදේශ ක්‍රීඩකයින් තිදෙනෙකුම ඇතුළත් කර තිබීමත් විශේෂත්වයකි .
වසරේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට්කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙක් ඇතුලත්ව ඇති අතර ඒ අනුව දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග හා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර මෙම කණ්ඩායමට නම් කර ඇත.

ශ්‍රී ලංකාව, අයර්ලන්තය, පකිස්ථානය, බංග්ලාදේශය හා දකුණු අප්‍රිකාව යන රටවල් පහ නියෝජනය කරමින් ක්‍රීඩකයින් 11 දෙනෙකු ඇතුළත් මෙම කණ්ඩායමේ නායකයා ලෙස පාකිස්තාන එක් දින කණ්ඩායමේ නායකයාද වන බබාර් අසාම් නම් කර තිබේ.

නම්කර ඇති අයිසීසී. වසරේ ජාත්‍යන්තර එක්දින කණ්ඩායම මෙසේය.
පෝල් ස්ටර්ලින් (අයර්ලන්තය), ජැනමන් මාලන් (දකුණු අප්‍රිකාව), බාබර් අසාම් (නායක-පකිස්ථානය), ෆකාර් සමාන් (පකිස්ථානය), රසී වැන් ඩර් ඩුසන් (දකුණු අප්‍රිකාව) , ෂකීබ් අල් හසන් (බංග්ලාදේශය), මුෂ්ෆිකර් රහීම් (කඩුලු රකින්නා-බංග්ලාදේශය), වනිඳු හසරංග (ශ්‍රී ලංකාව), මුස්ටාර්ෆිෂූර් රහ්මාන් (බංග්ලාදේශය), සිමි සිං (අයර්ලන්තය),
දුෂ්මන්ත චමීර (ශ්‍රී ලංකාව).