ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමය පිස්සු නටයි

ඔස්ටේ්‍රලියාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ජිම්නාස්ටික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනෙකුට මග හැරී තිබේ. ඊට හේතුව වී ඇත්තේ ජිම්නාස්ටික් පරිපාලකයන් නියමිත දිනට අදාළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැඳුනුම්පත් සකස් නොකිරීම බව වාර්තා වේ.
ක්‍රීඩකයන් සිව් දෙනාට හැදුනුම්පත් සකස් කිරීමට නොහැවීමෙන් ජිම්නාස්ටික් පරිපාලකයන් දැන් ජාතික ඔලිම්පික් කමිටු නිලධාරීන් වටේ යමින් අදාළ හැඳුනුම්පත් සකස් කිරීමේ ප්‍රයත්නයක නිරත වුවද එය අසාර්ථක වන බව ඔලිමපික් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
රුචිර සංජන, රිද්මා සමනලී ගුණතිලක, අමායා කෝට්ටගේ සහ දිල්ශාන් කාවීන් යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනාට මෙම අසාධාරණය සිදුවී ඇති අතර එය රටේ ක්‍රීඩාවට මෙන්ම එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අනාගතයටද දැඩි අකුල් පහරක් වී තිබේ. මේ පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග ක්‍රීඩා ඇමැතිවරයා මැදිහත්ව ගත යුතුව ඇතැයි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමව්පියන් පවසති.