අපි තරුණ කණ්ඩායමක් වුණත් එංගලන්තයට ජ්‍යෙෂ්ඨයන් ගොඩයි

වත්මන් ශ‍්‍රී ලංකා කණ්ඩායම තරුණ කණ්ඩායමක් වුවත් එංගලන්ත කණ්ඩායම ජ්‍යෙෂ්ඨයන්ගෙන් පරිපුර්ණ කණ්ඩායමක් බව ශ‍්‍රී ලංකා නායක කුසල් පෙරේරා පවසයි.
එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින සහ විස්සයි විස්ස තරගාවලියට සහභාගි වීමට දිවයිනෙන් පිටත්වීම මොහොතකට පෙර ශ‍්‍රී ලංකා නායකයා මෙම අදහස් පළ කර සිටියේය.
‘අපි තරුණ කණඩායමක් එංගලන්තය ශ්‍රේණිගත කිරීම්වල උඩින් ඉන්නෙ. ඔවුන්ව කිසිසේත් අවතක්සේරුවට ලක් කරන්න බැහැ. අපි බංග්ලාදේශ තරගාවලියේදී ලබාගත් හොද දේවල් එක්ක එංගලන්ත තරගාවලියට මුහුණ දෙනවා. යැයි ශ‍්‍රී ලංකා නායක කුසල් පෙරේරා පවසයි.