හතුරුසිංහව තියාගෙන ක‍්‍රිකට් පරදින්න බැහැ – ක‍්‍රිකට් සභාපති කියයි

චන්දික හතුරුසිංහව තවදුරටත් සිය ධුරයේ තබා ගනිමින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පරාජය වීමට ඉඩ දිය නොහැකි බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති ෂම්මි සිල්වා පවසයි. නවසීලන්ත තරගාවලියට පෙර හතුරුසිංහව ඉවත් කිරීමෙන් පසුව ඔහු මේ අදහස් පළ කර සිටියේය.
‘‘අපේ අතින් වැරදි අඩුපාඩු වුණා. නමුත් හතුරුසිංහව රකින්න ගිහින් ක‍්‍රිකට් වට්ටන්න බැහැ. ඔහුව තියාගෙන ක‍්‍රිකට් පරදිනවද නැතිනම් ගාණක් දීලා හරි යවනවද කියන එක තමයි අපි බලන්නෙ. ඔහු සමග තියෙන 2020 කොන්ත‍්‍රාත්තුවෙන් ගැලවෙන්නෙ කොහොමද කියන එක අපි නීතිඥයන්ගෙන් විමසලා තියෙනවා. මීට පෙරත් අපි ජෙෆ් මාෂ්ව කොන්ත‍්‍රාත් කාලය තියෙද්දී අයින් කළා. ඔහුට ගාණක් දෙන්න වුණා. හතුරුසිංහටත් දීලා හරි යවනවා.’’ යැයි ක‍්‍රිකට් සභාපතිවරයා පවසයි.
හතුරුසිංහට වන්දියක් ලැබුණොත් එය කෝටි පහක පමණ වන්දියක් වන්නට බොහෝ දුරට ඉඩ තිබේ. ඊට හේතුව ඔහු මසකට රුපියල් ලක්ෂ 70බැගින් වැටුප් ගන්නා අතර තවත් මාස 16 ක් ඔහුට ඉතිරිව ඇති බැවිනි.