මැතිව්ස්ගේ කොළඹ සහ මාලිංගගේ ගාල්ල එල්.පී.එල්. සටන අරඹයි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් සැලසුම් කර ඇති එල්.පී.එල්. පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගය ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් ගාල්ල කණ්ඩායම සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම අතර තරගයෙන් ආරම්භ වේ.
සුරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී කෙටි සමාරම්භක උළෙලෙකින් පසුව ලබන නොවැම්බර් මස 21 වැනිදා සවස 7.30 ට සමාරම්භක තරගය ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. දින 15 ක් ඇතුළත තරග 23 ක් පැවැත්වෙන අතර සමාරම්භක දිනයේ හැර අනෙකුත් සෑම දිනකම තරග දෙක බැගින් පැවැත්වීමට නියමිතය.
කොළඹ කණ්ඩායමේ පුහුණුකරුවා වශයෙන් ඬේව් වට්මෝර් කටයුතු කරන අතර විදෙස් ක‍්‍රීඩකයන් පස්දෙනකුගෙන් එම කණ්ඩායම සමන්විත වේ. නමුත් තරගයකදී ක‍්‍රීඩා කළ හැකි උපරිම විදෙස් ක‍්‍රීඩකයන් සංඛ්‍යාව සිව් දෙනෙකි. කොළඹ කණ්ඩායම සතුව ඇන්ඩි‍්‍ර රසල්, ෆෆ් ඩූ ප්ලෙසිස්, මන්ප‍්‍රීට් ගෝනි, මන්වින්ද්‍ර බිස්ලා සහ රවීන්ද්‍රපාල් සිං යන විදෙස් ක‍්‍රීඩකයන්ගෙන් සමන්විත වේ.
කණ්ඩායම් පහ අතරින් විදෙස් ක‍්‍රීඩකයන් හය දෙනකු ඇතුළත්ව ඇති එකම කණ්ඩායම ගාල්ල කණ්ඩායම වේ. මොයින් ඛාන්ගේ පුහුණුකාරීත්වයෙන් යුත් එම කණ්ඩායමට සහිඞ් අෆ්රීඩි, කොලින් ඉන්ග‍්‍රෑම්, හස්රතුල්ලා සසායි, මොහොමඞ් අමීර්, සර්ෆාස් අහමඞ් සහ අශාම් ඛාන් යන විදෙස් ක‍්‍රීඩකයන් ඇතුළත්ව තිබේ.
තරගාවලියේ සියලූම තරග සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ සහ පල්ලකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. අවසන් පූර්ව තරග දෙක සහ අවසන් මහා තරගය සමග පල්ලකැලේදී තරග නවයක් පැවැත්වීමට නියමිත අතර සූරියවැවදී තරග හයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
කොළඹ කණ්ඩායම
ඇන්ජලෝ මැතිව්ස්, ඇන්ඩි‍්‍ර රසල්, ෆෆ් ඩූ ප්ලෙසිස්, මන්ප‍්‍රීට් ගෝනි, මන්වින්ද්‍ර බිස්ලා, ඉසුරු උදාන, දිනේෂ් චන්දිමාල්, අමිල අපොන්සු, අශාන් ප‍්‍රියංජන, රවීන්ද්‍රපාල් සිං, දුෂ්මන්ත චමීර, ජෙෆ්රි වැන්ඩ‍්‍රසි, තීක්ෂිල ද සිල්වා, තරිඳු කෞෂාල්, නවෝද් පරණවිතාන, ඬේව් වට්මෝර් (පුහුණුකරු*
ගාල්ල කණ්ඩායම
ලසිත් මාලිංග, සහිඞ් අෆ්රීඩි, කොලින් ඉන්ග‍්‍රෑම්, හස්රතුල්ලා සසාසි, මොහොමඞ් අමීර්, ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, අකිල ධනංජය, මිලින්ද සිරිවර්ධන, සර්ෆාස් අහමඞ්, අශාම් ඛාන්, ලක්ෂාන් සඳකැන්, ෂෙහාන් ජයසූරිය, අසිත ප‍්‍රනාන්දු, නුවන් තුෂාර, මොහොමඞ් ෂිරාස්, ධනංජය ලක්ෂාන්, චානක රුවන්සිරි, ෂාන් ආරච්චි, දුවිනිදු තිලකරත්න, මොයින් ඛාන් (පුහුණුකරු*
තරග කාල සටහන
සුරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරග
නොවැම්බර් 21
කොළඹ සහ ගාල්ල අතර (ප.ව.7.30*
නොවැම්බර් 22
මහනුවර සහ යාපනය (ප.ව.3.00*
කොළඹ සහ දඹුල්ල (ප.ව.7.30*
නොවැම්බර් 23
කොළඹ සහ ගාල්ල (ප.ව. 3.00*
දඹුල්ල සහ යාපනය (ප.ව. 7.00*
නොවැම්බර් 25
ගාල්ල සහ දඹුල්ල (ප.ව. 3.00*
කොළඹ සහ මහනුවර (ප.ව.7.00*
නොවැම්බර් 26
මහනුවර සහ යාපනය (ප.ව. 3.00*
දඹුල්ල සහ කොළඹ (ප.ව.7.00*
නොවැම්බර් 28
යාපනය සහ කොළඹ (ප.ව.3.00*
මහනුවර සහ ගාල්ල (ප.ව.7.00*
පල්ලකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරග
දෙසැම්බර් 02
මහනුවර සහ දඹුල්ල (ප.ව. 3.00*
යාපනය සහ ගාල්ල (ප.ව. 7.00*
දෙසැම්බර් 03
දඹුල්ල සහ ගාල්ල (ප.ව.3.00*
මහනුවර සහ කොළඹ (ප.ව. 7.00*
දෙසැම්බර් 05
යාපනය සහ කොළඹ (ප.ව.3.00*
ගාල්ල සහ මහනුවර (ප.ව. 7.00*
දෙසැම්බර් 06
දඹුල්ල සහ යාපනය (ප.ව. 7.00*
දෙසැම්බර් 09
දඹුල්ල සහ මහනුවර (ප.ව.3.00*
ගාල්ල සහ යාපනය (ප.ව.7.00*
දෙසැම්බර් 11
පළමු අවසන් පූර්ව තරගය (ප.ව.3.00*
දෙවැනි අවසන් පූර්ව තරගය (ප.ව.7.00*
දෙසැම්බර් 13
අවසන් මහා තරගය