91 වැනි ක්ලිෆර්ඩ් බොක්සිං ශුරතාව ස්ලිම්ලයින්ට

ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේදී පිට පිටම හයවැනි වරටත් ශුරතාව දිනා ගැනීමට ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය සමත් විය. කොළඹ රාජකීය විදුහලේ ‘රෝයල් මාලස් ඇරීනා’ බොක්සිං වළල්ලේදී මෙම තරගාවලිය පැවැත්වුණි.
ස්ලිම්ලයින් ජයග්‍රහණය වෙනුවෙන් ඩබ්.ඒ.සී.අයි. පෙරේරා (කි.ගෑ 49), යූ.එන්.කේ. අමරවංශ (කි.ග්‍රෑ.56), ආර්.එම්.ඒ.බී.ගුණතිලක (කි.ග්‍රෑ.60), පී.වී.ඩී.ඩී.සපරමාදු (කි.ග්‍රෑ.64), ජී.ජී.ඩී.ඒ.ගුණසේකර (කි.ග්‍රෑ.75) සහ එල්.ටී.බී.රත්නදිවාකර (කි.ග්‍රෑ.91ට වැඩි) රන් පදක්කම් දිනා ගත්හ.
කාන්තා ශුරතාව දිනා ගැනීමට යුනිචෙලා බොක්සිං සමාජය සමත් වූ අතර එහිදී ඔවුන් රන් පහක්, රිකී දෙකක් සහ ලෝඩක තුනක් වශයෙන් පදක්කම් දිනා ගත්හ.
තරගාවලියේ දක‍ෂතම ක්‍රීඩිකයා ලෙස ස්ලිම්ලයින් හී දිනිදු සපරමාදු සම්මාන ලැබූ දක‍ෂතම ක්‍රීඩිකාව ලෙස අනූෂා කොඩිතුවක්කු සම්මාන ලැබීය.