කබඩි මුදල් පැන්නූ ලේකම් සහ උපලේකම්ට ජීවිතාන්තය දක්වා තහනමක්

ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ මූල්‍ය අක්‍රමිකතාවලට වැරදිකරුවන් වූ ලබඩි ලේකම්වරයකු සහ උපලේකම්වරයකුට ජීවිතාන්තය දක්වා ජාතික සංගමයක නිලතල දැරීමට තහනම් කිරීමට කී්‍රඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අදාළ නිලධාරීන් දෙදෙනාට ඉදිරියේදී කිසිදු ජාතික සංගමයක හෝ ක්‍රීඩා කමිටුවක සාමාජිකයකු වීමට, ජාතික ක්‍රීඩා සංගමයට අනුබද්ධ ක්‍රීඩා සංගමය සාමාජිකයකු වීමට හෝ නාමිකයකු වීමට නෙම් ජාතික සංගමයක කිසිදු නිලතලයක් දැරීමට නොහැකිවන ලෙස අදාළ තහනම පනවා තිබේ.
මෙම තහනම ඉවත්කර දෙන ලෙස ඉල්ලා අදාළ පුද්ගලයන් දෙදෙනා ක්‍රීඩා ඇමැවරයාට අභියාචනාවක්ද ඉදිරිපත් කර ඇතැයි සඳහන් වුවද ඇමැතිවරයා ඒ සම්බන්ධයෙන් තවමත් කිසිදු මතයක් ප්‍රකාශ කර නොමැත.
කබඩි සම්මේලනයට අයත් රු.754,908 ක මුදලක් නිලධාරියකුගේ පෞද්ගලික ගිණුමකට ගෙන්වා ඇති අතර එයින් රු.510,000 ක මුදලක් ගෙව ඇත. ඉතිරි මුදල් සංගමයේ ගිණුමට ලැබී නොමැති හෙයින් එම මුදල, වහාම බැරකළ යුතු බව ක්‍රීඩා අධ්‍යක‍ෂ ජෙනරාල් සමන් බණ්ඩාර මහතාගේ අත්සනින් කබඩි සම්මේලනයට ලිඛිතව දැනුම්දී තිබේ. මීට අමතරව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් 12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ජයග්‍රහණ වෙනුවෙන් ලබාදුන් රුපියල් 450,000 ක මුදල පුහුණුකරුවන් අතරේ ඛෙදා නොදීමද අදාළ පුද්ගලයන්ට එරෙහිව ඇති තවත් කරුණක් වී ඇත.