ඩෙනිස් ද රොසයිරෝ මාස් හෝල්ඩින් සමාගමට

ඉකුත් ඉරිදා ( 20)කොළඹ පී. සරවනමුත්තු  ක්‍රීඩාංගනයේදී පවත්වන ලද 43 වැනි වෙළඳ සේවා සත් සාමාජික හොකී තරග මාලාවේ ප්‍රමුඛ පෙළ ශූරතාව දිනා ගනිමින් ඒ සඳහා පිරිනමන ලද   ” ඩෙනිස් ද රොසයිරෝ අභියෝග කුසලාන  “හිමිකර ගැනීමට යම් මාස් හෝල්ඩින් සමාගම නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ .

වෙළඳ සේවා සත් සාමාජික හොකී තරග ඉතිහාසයේ ප්‍රමුඛ පෙළ ශූරතාවය මාස් හෝල්ඩින්ස් සමාගම දිනාගත් කුළුඳුල් අවස්ථාව මෙය වීම විශේෂ සිද්ධියක් විය.පසුගිය වසරේ ශූරයන් වූ හැටන් නැෂනල් බැංකු පිලට මෙවර අනු ශූරතාවයෙන් සෑහිමට පත් වන්නට  සිදු විය .ඔවුන්ට “වෙළඳ සේවා අභියෝග කුසලාන” පිරිනැමුණි .

මාස් සහ හැටන් නැෂනල් බැංකුව අතර  පැවැති තීරණාත්මක අවසාන මහා තරගය අපේක්ෂා කළ පරිදි ම තියුණු හා උණුසුම්  මුහුණුවරක් ඉසිලීම කැපී පෙනුණි .ඒ බව සනාථ කරමින් තරඟය සඳහා නියමිත කාලය නිමා වන විට දෙපිලම ගෝල්  01-01 ක්ලෙස ලබා ගනිමින් සම තත්වයක් ඉසිලීය. එහි ප්‍රතිඵලයක් ලෙස  ජයග්‍රහි පිල තෝරා ගැනීම සඳහා දඬුවම් විදීම්  උපයෝගී කර ගැනීමට සංවිධායක මණ්ඩලයට සිදු විය .ඒ අනුව ක්‍රියාත්මක වූ මාස් හෝල්ඩින් සමාගම ගෝල්  04 – 03 ක්  ලෙස වසරේ ශූරතාව දිනා  ගනිමින්  වෙළෙඳ සේවා හොකී ඉතිහාසයට එක්වූ අලුත්ම  කණ්ඩායම  බවට පත්විය .
මාස් හෝල්ඩින් සමාගම නියෝජනය කළ හිටපු ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ ක්‍රීඩක සහීඩ් හුසේන් කුතුබ්දීන් ප්‍රමුඛ පෙළ අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේය.
දිවයිනේ ප්‍රමුඛතම වෙළෙඳ ආයතන 28 ක සහභාගිීත්වයෙන් ක්‍රියාත්මක වූ මෙවර තරග මාලාවේ ජයග්‍රාහී  කණ්ඩායම් උදෙසා තිළිණ ප්‍රදානය අලියාන්ස් රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගානි සුබ්‍රමනියම්  මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.
මෙම තරග මාලාවේ ” B” කොටසේ ශූරතාව තහවුරු කරගැනීමට  සෙලාන්  බැංකුව සමත් වූ අතර එකී අනුශූරතාව  අලියාන්ස් ඉන්ෂුවරන්ස්  සමාගම සතු විය .මෙම දෙපිල අතර පැවති අවසාන තරගයේ දී ගෝල් 0 – 00 ක්  ලෙස  ජය ගැනීමට සෙලාන් බැංකුවට හැකි විය  .
මෙවර B කොටසේ කොටසේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සෙලාන් බැංකුව  නියෝජනය කළ මොහොමඩ් ඉර්ෂාඩ් සම්මාන ලැබීය.
 අවසාන තරගයේදී සිංගර් ( ශ්‍රී ලංකා) සමාගම   ගෝල් 01 – 00 ක්ලෙස පරාජයට පත් කරමින් මෙවර “C” කොටසේ ශූරතාව තහවුරු කරගැනීමට ජෝන් කීල්ස් සමාගම සමත් විය .ජෝන් කීල්ස් සමාගම නියෝජනය කළ  ශහීන් අහමඩ් දක්ෂතම ක්‍රීඩකයා ලෙස නම්කෙරුණි.
  මාස් (බී)  සහ ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම අතර  පැවැති ” D” කොටසේ අවසාන මහා තරගයේදී ගෝල 04- 01 ක ජයග්‍රහණයක් සටහන් කරගත් මාස්  (බිී) පිලට  ශූරතාව   හිමිවිය .
මාස් (බි) නියෝජනය කළ  අශේන් රන්දික දක්ෂතම ක්‍රීඩකයා ලෙස තිළිණ ලැබුවේය .
අවසාන තරඟයේදී  ලංකා දුම්කොළ සමාගම    පරාජයට පත් කරමින් ගෝල්  01 – 00 ක  ජයග්‍රහණයක් වර්තා කර ගත් යුනියන් බැංකුවට “E” කොටසේ ශූරතාව හිමි විය .
“E”කොටසේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස  ක්‍රිෂාන්තන් සුබ්‍රමණියම් ( ලංකා දුම්කොළ සමාගම   ) සම්මානලැබීය .
සම්පත් බැංකුව (සී ) සහ මාස්  (සී ) යන දෙපිල අතර  ක්‍රියාත්මක කෙරුණු  “F” කොටසේ
අවසන් තරඟයේදී ගෝල් 01 – 00 කජයග්‍රහණයක් සටහන් කර ගැනීමට මාස් (සී) පිලට හැකිවිය.
මාස්  (සී ) පිල නියෝජනය කළ සඳරු මධුසාර දක්ෂතම ක්‍රීඩකයා ලෙස තිළිණ හිමිකරගත්තේය .
මෙවර තරගාවලියේ දක්ෂතම ගෝල් රකින්නා ලෙස මාස් ( A ) පිල නියෝජනය ෂෙවන්ත රාජපක්ෂ නම් කිරීමට සංවිධායකයින්වූ  වෙළඳ සේවා හොකී සංගමය පියවර ගත්තේය .