‘මම ගොදුරක් දැක්කොත් අතහරින්නේ නැහැ’ – ආසියාවේ කළු සිංහයා කියයි

 

ලුෂන් පුෂ්පරාජ් යනු ශ්‍රී ලංකාවේ කායවර්ධන ඉතිහාසයේ නොමැකෙන නාමයක් රැන්දු ක්‍රීඩකයෙකි. නමුත් ජාතික කායවර්ධන සම්මේලනයෙන් ඔහුට කැපිල්ලක් තිඛෙන බවත් මොන කැපිල්ල පැමිණියත් සිංහයකු ගොදුරක් දුටු විට එය අත් නොහරින්නාක් මෙන් තමාට අදාළ ගොදුර කෙසේ හෝ ඩැහැ ගන්නා බව ලුෂන් පවසයි.
ඇමරිකාවේ පැවැති ‘මිස්ට ඇට්ලස්’ කායවර්ධන තරගාවලියේ ලුෂන් සිව්වැනියා වශයෙන් සම්මාන ලැබීම මෙරට ක්‍රීඩකයකු කායවර්ධන ඉතිහාසයේ ක්‍රීඩකයකු ලද ඉහළම සම්මානය වේ. නමුත් ජාතික කායවර්ධන සම්මේලනය විසින් ඔහුට ගුවන් ප්‍රවේශපත්‍ර අදාළ තරගාවලියට වෙන්කර තිබුණද ඒවාද ලුෂන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ඊට හේතුව වී තිඛෙන්නේ තහනම් උත්තේජක පරීක‍ෂාවකට සහභාගි වන ලෙස ජාතික කායවර්ධන සම්මේලනය ලුෂන්ට කළ යෝජනාව පැහැර හැරීමයි.
‘සමහරු කියනවා මට ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයෙන් තහනමක් තියෙනවා කියලා. මට කිසිම තහනමක් නැහැ. කායවර්ධන සභාපතිවරයාත් ඒබ බව කීවා. මම තනියම නැගිටපු කෙනෙක්. මට ලංකාවේ තහනම් උත්තේජක පරීක‍ෂණවලට සහභාගි වෙන්න අවශ්‍යතාවක් නැහැ. මම නගින්නෙ තහනම් උත්තේජක පරීක‍ෂා නොකරන තරගාවලි වලට. ඒ නිසා මට තහනම් උත්තේජක පරීක‍ෂන කොහෙත්ම අවශ්‍ය නැහැ.” යැයි ලුෂන් පවසයි.
ලබන වසරේදී කායවර්ධන තරගාවලි පහකට සහභාගි වීමට අපේක‍ෂා කරන බවත් ඇමරිකානු ජයග්‍රහණයේ සිට තමාට අනුග්‍රහකයකු හමුවූ බවත් ලුෂන් පවසයි. රියෝ කොකෝ අනුග්‍රහය මට ලැබිලා තියෙනවා. ඉතිං මට රජයෙන් අනුග්‍රහයක් ලැබුණත් නැතත් මම මගේ ගමන යනවා.”
‘ක්‍රීඩා ඇමැතිවරයාත් මට සුභ පැතුවා. කොහොම වුණත් පසුගිය අවුරුදු 4ටම සංගමයෙන් එකම ක්‍රීඩකයෙක්වත් පිට රට තරාවලිවලට යවලා නැහැ. ඉතිං ඒ වගේ සංගමයකින් ඇති වැඩක් තියෙනවද’ යැයි ලුෂන් වැඩිදුරටත් පැවසීය.

 

 

https://youtu.be/79yH7VhTwnU