රාජපක්ෂලා පෙරේරලාට පහර දෙයි

එල්පීඑල් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය වශයෙන් පැවැති ඇන්ජලෝ පෙරේරාගේ නායකත්වයෙන් යුත් මහනුවර කණ්ඩායම කඩුලු 4 කින් පරාජය කර දැමීමට භානුක රාජපක්ෂකගේ නායකත්වයෙන් යුත් ගාල්ල කණ්ඩායම සමත් විය
පළමුව පිති ප්‍රහාරය දියත් කළ මහනුවර කණ්ඩායම ලබාගත් ලකුණු 143 වෙනුවෙන් ආරම්භක පිතිකරු අහමඩ් ශෙෂාඩ් පන්දු 51 කින් ලකුණු 56 ක් වාර්තා කළේය කමිඳු මෙන්ඩිස් ලකුණු 32 ක් ලබා ගත් අතර නායක ඇන්ජලෝ පෙරේරාට ලබාගත හැකිවුයේ ලකුණු 10 ක් පමණි
පිළිතුරු ඉනිම ඇරඹු ගාල්ල කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක පළමු කඩුල්ලට පන්දු 45 කදී ලකුණු 62 ක සබඳතාවක් පිහිටුවීමට සමත් විය එහිදී මෙන්ඩිස් ලකුණු 16 කට දැවී යද්දී ගුණතිලක පන්දු 33 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර හතරක් සමග ලකුණු 45 ක් ලබා ගත්තේය
නායක භානුක රාජපක්ෂ පන්දු 13 කදී හයේ පහරක් සහ හතරේ පහර දෙකක් සමග ලකුණු 22 ක් ලබා ගත් අතර ළහිරු මධුෂංකද පන්දු 13 කදී ලකුණු 22 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණයට ඔසවා තැබීමට දායක විය