ක්‍රිකට් අනාගතය හා ක්‍රීඩා අලුත් පුටුව

ක්‍රීඩාව යනු ශිශ්ඨ සමාජයක මානවවාදී සංකල්ප රාශියක් සමාජගතවන ක්‍රියාකාරකමකි.ක්‍රීඩාවෙන් අප ජයග්‍රහණ හෝ පළමුවැනියා වීමේ ඒකායන බලාපොරොත්තුව තිබුනත් අවසානයේ අපට ලැබෙන ප්‍රතිඵලය නිහතමානී කමෙන් මෙන්ම සංයමයෙන් යුතුව පිලිගතයුතුව ඇත. මන්ද ක්‍රීඩාවෙන් ජයග්‍රහණය හෝ පරාජයට වඩා ලැබෙන අත්දැකීම් සහ අද්‍යනික වටිනාකම් නිසාවෙනි.
නමුත් අදවනවිට ශීලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දෙස බැලූ කල අපට දැනෙන්නේ ඉතාම වේදනාකාරී හැඟීමකි. අප කණ්ඩායම එකදිගට ලබන සටන්කාමී නොවන අන්ත පාරාජයන්,ක්‍රිකට් පරිපාලනය තුල ඇති ඉතාම දුර්වල තීන්දු තීරණත්,දේශපාලන මැදිහත්වීම තුලින් ඇතිවී තිබෙන ව්‍යාකූලතාවයන් නිසාවෙනි.
එහෙත් පසුගිය සතියේ ලාංකීය දේශපාලනය තුල ඇතිවූ වෙනස්කම් සමඟ ක්‍රීඩාව පිළිබඳව නව බලාපොරොත්තු හා විශ්වාසයන් ගොඩනගා ගැනීමට හැකියාවක් ඇතිබව පෙනීයයි.
ක්‍රීඩාව පරිපාලනය කිරීමට හරියටම හරියන තරුණ මන්ත්‍රීවරයකුට ඇමතිදූරය ලැබීමත් සමඟය. ඒ වෙන කවුරුවත් නොව බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිනි හරීන් ප්‍රනාන්දු ඇමති තුමාය. එතුමා ඉදිරිපිට ක්‍රිකට් ක්‍රීඩාවේ මෙන්ම අනිකුත් ක්‍රීඩාවලද විශාල අභියෝග රාශීයක් ඇත.
ක්‍රීඩා පරිපාලනයේ සිට ක්‍රීඩකයන්ගේ යටිතල පහසුකම් දක්වා විශාල වෙනස්කමක් සිදුකරලීම අවශ්‍යතාවය ඇත.
එතුමා ඇමතිදූරය භාරගැනීමෙන් අනතුරුව පලමු ප්‍රවෘත්ති සාකච්ඡාවෙදී ඔහු හා ක්‍රීඩාව සමඟ බැඳුනු ඒ සම්භන්දතාවය පැහැදිලි කිරීමත්.තරුණ සිතුම්පැතුම් හා ඉදිරි දැක්මක් ඇති තරුණ මන්ත්‍රී වරයකු හැටියටත් දක්ෂ රගර් ක්‍රීඩයකු ලෙස පාසැල් අවදියේ ක්‍රීඩා කර තිබීම සහ ක්‍රිකට් ක්‍රීඩාවට ඇති විශේෂ ඇල්ම,ආදරය ඔහුගේ ප්‍රකාශය තුලින් ඉස්මතුවීම සතුට දනවන කරුනකි. මේ මොහොතේ අප සැම පුත්ගලික දේශපානික මතවාදවලින් බැහැරව පොදුවේ ප්‍රේක්ශක ජනතාව හැටියට ක්‍රීඩාවේ දියුනුවතකා ඔහුට සහය දීමට පෙල ගැසිය යුතුව ඇත.
අවසාන වශයෙන් අපට අවශ්‍ය වන්නේ ලෝකයා ඉදිරියේ අපේ පුංචිම පුංචි රට ඉහලට ඔසවා තැබීම පමනි. ඊට අවශ්‍ය ශක්තිය දෛර්යය හරීන් ප්‍රනාන්දු ඇමතුතුමාට ලැබේවායී ශීලංකන් ස්පෝට් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.