බස්නාහිර අඛණ්ඩව 41 වැනි වරටත් ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ ශූරතාව දිනයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානතම ක‍්‍රීඩා උළෙල වන ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ 45 වැන්න බදුල්ල වින්සන් ඩයස් ක‍්‍රීඩාංගණයේදී අවසන් වෙද්දී බස්නාහිර පළාත යළිත් ආධිපත්‍ය පතුරවමින් ශූරතාව දිනා ගත්තේය. 1976 සිට අඛණ්ඩව ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ ශූරතාව උදුරා ගන්නා බස්නාහිර පළාත මෙවර දිනා ගනු ලැබුවේ 41 වැනි ශූරතාව වේ.
සමස්ත පදක්කම් සටන අනූව රන් 99 ක්, රිදී 7 ක් සහ ලෝඩක 81 ක් දිනා ගත් අතර අනුශූරතාව දිනා ගත් මධ්‍ය පළාත රන් 51 ක්, රිදී 38 ක් සහ ලෝකඩ 60 ක් දිනා ගත්තේය. තෙවැනි ස්ථානය දිනා ගත් වයඹ පළාත රන් 32 ක්, රිදී 38 ක් සහ ලෝකඩ 44 ක් දිනා ගැනීමට සමත් විය.
මෙවර තරගාවලියේ සිව්වැනි තැනටම මධ්‍යම පළාතත්, පස්වැනි තැනට සබරගමුව පළාත සහ හය වැනි තැනට උතුරු මැද පළාත තේරී පත්විය. සත්කාරකත්වය දැරූ ඌව පළාත පදක්කම් 63 ක් දිනා ගත් අතර එහිදී රන් 11 ක්, රිදී 23 ක් සහ ලෝකඩ 29 ක් ඊට අන්තර්ගත වූ අතර ක‍්‍රීඩා ඇමැතිවරයාගේ පළාත වන වයඹ මෙවර හත්වැනි තැනට පත්විය.
ජාතික සංචිතයේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සාග් ක‍්‍රීඩා උළෙල වෙනුවෙන් විවේක ගන්වා තිබීම හේතුවෙන් කිසිදු ජාතික වාර්තාවක් මෙවර තරගාවලියේදී බිහි නොවීමද විශේෂත්වයකි.