මැරතන් ලෝක ශූරයාට හය වසරක තහනමක්

කෙන්යාවේ ලෝක වාර්තාලාභී මැරතන් ශූරයකු වන විල්සන් කිප්සා තහනම් මත්ද්‍රව්‍ය නාශක නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් වසර හයක තහනමක් පැනවීමට කෙන්යානු මලල කී‍්‍රඩා සංගමය සහ ලෝක මලල ක‍්‍රීඩා සංගමය තීරණය කර තිබේ.
මේ වන විට 38 වැනි වියේ පසුවන විල්සන් 2018 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ දෙවරක්ම ලන්ඩන් මැරතන් ශූරතාව දිනා ගත් අතර ඔහු අවසන් මාස 12 තුළදී තහනම් උත්තේජක ලබා ඇති බවට තීන්දුවීමෙන් අදාළ තහනම පනවා තිබේ.
2012 ලන්ඩන් ඔලිමපික් ක‍්‍රීඩා උළෙලේ මැරතන් තරගයේදී ලෝකඩ පදක්කම දිනා ගත් ඔහු බර්ලින්, නිව්යෝර්ක් සහ ටෝකියෝ මැරතන් තරග ජයග‍්‍රහණය කරමින් ලෝක ශූර මැරතන් කී‍්‍රඩකයකු බවට පත්විය. මේ වන විට විල්සන් පනවා ඇති තහනම සම්බන්ධයෙන් ඔහුට ලෝක ක‍්‍රීඩා බේරුම් අධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් ඇත.