ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ධුරය රුමේෂ් රත්නායකට

මීකී ආතර්ගේ සමුගැනීමත් සමග හිස්ව ඇති ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් රත්නායකට භාරදී තිබේ. කෙසේ වෙතත් මෙම පත්වීම එළැඹෙන සිම්බාබ්වේ සංචාරයට පමණක් බව සඳහන් වේ.
රුමේෂ් රත්නායක මීට පෙරද ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු සහ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කර ඇති අතර ඔහු 2019 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන් සංචාරයේද ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළේය.
සිම්බාබ්වේ සමග පැවැත්වෙන එක්දින තරග තුන ලබන 16 18 සහ 21 යන දිනවල මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.