ෂම්මිගේ ඉල්ලීමකට හිටපු ක‍්‍රිකට් ලොක්කන් පෝලිමේ කෝප් කමිටුවට

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ සිදුවී ඇතැයි පැවැසෙන මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන් වගකිව යුතු හිටපු ක‍්‍රිකට් බළධාරීන් සියලූ දෙනාම කෝප් කමිටුවට කැඳවීමට ඉදිරියේදී නියමිතව තිබේ. මේ සම්බන්ධයෙන් කෝප් කමිටු සභාපති සුනිල් හ\ුන්නෙත්ති මහතාද අදාළ නිලධාරීන්ව ඉදිරියේදී කැඳවන බව ප‍්‍රකාශ කර සිටියේය.
ජාත්‍යන්තර ක‍්‍රිකට් විකාශන අයිතිය, ගුවන් විදුලි විකාශනය, අනුග‍්‍රාහකත්වය යනාදි කරුණු මුල් කරගනිමින් හිටපු ක‍්‍රිකට් ප‍්‍රධානීන්ගේ පරිපාලනයේදී මහා පරිමාන වංචා රැුසක් සිදුවී ඇතැයි අනාවරණය වෙමින් තිබේ. මේ සම්බන්ධයෙන් වත්මන් ක‍්‍රිකට් පරිපාලකයන් කෝප් කමිටුවට ගෙන්වූ අවස්ථාවේදී ක‍්‍රිකට් සභාපති ෂම්මි සිල්වා පවසා සිටියේ 2013 වසරේ සිට හිටපු ක‍්‍රිකට් බළධාරීන් සියලූ දෙනාවම කෝප් කමිටුවට ගෙනැවිත් ප‍්‍රශ්න කළ යුතු බවයි.
ඒ අනුව ජයන්ත ධර්මදාස, තිලංග සුමතිපාල, නිශාන්ත රණතුංග යන හිටපු ක‍්‍රිකට් පරිපාලකයන්ටද ඉදිරියේදී කෝප් කමිටුවට යෑමට සිදුවන ඉඟි මේ වන විටත් පහළ වී තිබේ. පසුගිය වසරේදී ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් ගිණුමට බැර වූ ඇමරිකානු ඩොලර් මිලියන 5.5 ක මුදල් විදේශයක පිහිටි පෞද්ගලික ගිණුමකට බැර වීමද මේ වන විටත් කෝප් කමිටුවේ අවධානයට ලක්ව තිබේ.