අවු: 23 න් පහළ පළමු ද්විත්ව ශතකය සී.සී.සී පිලේ කවීන් බණ්ඩාරගෙන්

වයස අවුරුදු 23 න් පහළ අන්තර් ක්‍රීඩා සමාජ දෙදින ක්‍රිකට් තරගාවලියේදී ටැමිල් යුනියන් කණ්ඩායමට එරෙහිව ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සී.සී.සී. කණ්ඩායමේ කවීන් බණ්ඩාර සමත් විය.
23 න් පහළ 2017 තරගාවලියේ පළමු ද්විත්ව ශතකයද මෙය වන අතර ඔහුගේ දක්ෂතාවයෙන් පළමු ඉනිමේ ජයද සී.සී.සී. පිලට හිමිවිය.
ලකුණු සාරාංශය
ටැමිල් යුනියන් පළමු ඉනිම න්දුවාර 44.5 කදී සියල්ල දැවී ලකුණු 168 යි. දිනෙත් තිමෝද්‍ය 63, දිනුක් වික්‍රමනායක 61, සචිත් පතිණ 42/2 යි. දෙවැනි ඉනිම පන්දුවාර 1.2 කදී කිසිවකු නොදැවී ලකුණු 15 යි.
සී.සී.සී. පන්දුවාර 91.1 කදී සියල්ල දැවී ලකුණු 395 යි. (කවීන් බණ්ඩාර 225, සචිත් පතිරණ 52, සචින් ගොඩම්මන 33, ඉසුරු ධනංජය 80/5, දමිත් සිල්වා 63/3, රවීන් චාරුක 72/2 යි.)