චමරිගෙන් නැවතත් සුපිරි ඉනිමක්

මේ දිනවල පැවැත්වෙන සුපිරි පළාත් කාන්තා විස්සයි 20 තරගාවලියේ 03 වැනි තරඟයේදී කොළඹ කණ්ඩායම පරාජය කළ දඹුල්ල කණ්ඩායම ලකුණු 46 ජයක් වාර්තා කළේය.
එහිදී දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ චමරි අතපත්තු පන්දු 47කදී ලකුණු 95ක් රැස් කිරීමට සමත්වූ අතර කොළඹ කණ්ඩායම වෙනුවෙන් ඩිලානි මනෝදර අර්ධ ශතකයක් වාර්තා කළාය.
කාන්තා සුපිරි පළාත් විස්සයි 20 තරගාවලිය – 2019
03 වන තරගය – දඹුල්ල / කොළඹ
ලකුණු

දඹුල්ල කණ්ඩායම 182/3

කොළඹ කණ්ඩායම 136/10

දඹුල්ල කණ්ඩායම සඳහා ඉහළම ලකුණු ලබා ගත් අය

-චමරි අතපත්තු 95 (47)

-ශෂිකලා සිරිවර්ධන 30 (21)

– ප්‍රසාදානි වීරක්කොඩි 27(22)

– හන්සිමා කරුණාරත්න 22(19)

කොළඹ සඳහා පන්දු යැවීමේදී

-ශෙරීනා රවිකුමාර් 3-23-1

-ඕෂධී රණසිංහ 4-38-1

කොළඹ සඳහා ඉහළම ලකුණු ලබා ගත් අය

-ඩිලානි මනෝදර 52 (36)

-අමා කාංචනා 30 (22)

-රොෂිනි පෙරේරා 18 (21)

දම්බුල්ලා වෙනුවෙන් පන්දු යැවීමේදී

-චමරි අතපත්තු 4-17-2

-ශෂිකා සිරිවර්ධන 4-24-2

-සුගන්දිකා කුමාරි 4-25-2

-ඉරේෂා ෂමාලි 3-23-1

මේ අතර තරගාවලියේ 4වැනි තරගය ලෙස ගාල්ල හා මහනුවර අතර පැවැති තරගයේ ජය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ගාල්ල පිලට හිමිවිය.

ලකුණු

ගාල්ල 78/10 (19.4 )

මහනුවර 67/7 (17.3)